Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනාධිපතිතුමා කටයුතු කරන්නේ කරන දේ ගැන අවබෝධයකින් නොවෙයි…

මා ඉවත් කළ බව ආරංචි වුණේ චීන පොහොර වන්දිය අඩු කරන සටනක් අතරතුරයි... ඉවත් කළ කෘෂිකර්ම ලේකම් කියයි වෛද්‍ය පාදෙණිය ප්‍රියන්ත යාපා ආචාර්ය වීරක්ක...



මා ඉවත් කළ බව ආරංචි වුණේ චීන පොහොර වන්දිය අඩු කරන සටනක් අතරතුරයි... ඉවත් කළ කෘෂිකර්ම ලේකම් කියයි


වෛද්‍ය පාදෙණිය ප්‍රියන්ත යාපා ආචාර්ය වීරක්කොඩි මගේ දැක්මට වෙනස්ව කටයුතු කළා

ලේකම් ධුරයෙන් ඉවත් කරන්න හේතුවූ  ප්‍රශ්නය මහින්දානන්ද මහත්තයාගේ ද   ජනාධිපතිවරයාගෙද කියලා  දන්නේ නෑ

චීන පොහොර නැවේ ගනුදෙනුවට අගමැතිත් බලපෑම් කළා. මම හිටියෙ ඩොලර් මිලියන 6.7ක මුදල ඩොලර් මිලියන 1.7කට අඩු කරගන්න සටනක…

තමන් අමාත්‍යංශ ලේකම් තනතුරින් ඉවත් කර අති බවට පණිවිඩවය ලැබුණේ චීන පොහොර වෙනුවෙන්  අපට ගෙවන්නට සිදුව ඇති ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මුදල ඩොලර් මිලියන 1.7කට අඩු කිරීම සඳහා විශාල සටනක් කරගෙන යන අවසථාවකදී බවත් මේ වන තෙක් තමන්ට ඉවත් කළ නිශ්චිත හේතුව දන්වා නොමැති බවත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ පවසයි.


අද චමුදිත සමරවික්‍රමගේ ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාලිකාවට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මහාචාර්යවරයා මේ බව සඳහන් කළේය.


සෞභාග්‍ය දැක්ම රජයේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය   සකස් කිරීමේදී මුල් අවධියේ සිට තමන් මහාචාර්යවරයකු ලෙස මෙම කටයුතුවලට සම්බන්ධ වූ බව සඳහන් කළ මහාචාර්යවරයා  ජනාධිපතිවරයාගේ එම දැක්මට අනුව 2030 වසරේ දී සම්පූර්ණයෙන් කාබනික ගොවිතැනට යන්නට කළ සියලු සැලසුම් එක රැයින් වෙනස් වන ආකාරයට ගැසට් නිවේදන නිකුත් වූ බවත් සඳහන් කළේය. තමන් එදා සිට මේ තරම් ඉක්මනින් මෙම කටයුත්ත සිදු කිරීම අසීරුය යන මතයේ සිටි බවත්   අදාළ ස්ථානවලදී මේ මතය තමන් රජයට ඉදිරිපත් කළ බවත් පෙන්වා දුන්නේය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශ හිටපු ලේකම්වරයා මෙසේ ද පැවසුවේය.

No comments

Ads Place