Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිපිටි යළිත් ඉහළට..මිල පාලනය වෙළදුන් අතට

හෙට දිනයේ සිට නැවතත් කිරි පිටි මිල ඉහල දැමීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා ස...

හෙට දිනයේ සිට නැවතත් කිරි පිටි මිල ඉහල දැමීමට සිදුවනු ඇතැයි කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එසේ ඉහළ දමන මිල ගණන් පිළිබඳ හෙට දිනයේ ප්‍රකාශයට පත් කිරීමට හැකි වනු ඇති බවයි.

රජය මේ වනවිට කිරිපිටි මිල පාලනය අතහැර ඇති අතර ආනයනකරුවන් විසින් මිල තීරණය කරමින් සිටියි.

මේ වන විට වෙලදපලේ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 470ක් වන අතර කිලෝ එකේ පැකැට්ටුවක් 1170 ක මිලකට අලෙවි වෙමින් ඇත.

 

No comments

Ads Place