Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ පිරිසක් ජවිපේ සමග සන්ධානයකට සාකච්ඡා..විමල්ට දොර ඇරේ..

විමල් වීරවංශ මහතාට සහ කුමාර් ගුණරත්නම් මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි ...

විමල් වීරවංශ මහතාට සහ කුමාර් ගුණරත්නම් මහතාට ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් නිර්මාණය කර ඇති ජාතික ජන බලවේගය සමග ඉදිරියේ දී එක් විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ද ජයතිස්ස මහතා පෙන්වා දෙයි.

එහිදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කරන කොන්දේසිවලට වලට එකඟ වන්නේ නම් ඔවුන්ට ද එම බලවේගය සමග එකතු වී නව ආණ්ඩු බලයක් ලබා ගැනීමේ සටනට එක් විය හැකි බවයි නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

එල් .එන්. ජී බලා ගාර සහ සැපයුමට එරෙහිව විමල් වීරවංශ ,උදය ගම්මන්පිල ,වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් අධිකරණට යෑම පිළිබඳව තමා අගය කරන බව එහි දී නලින් ද ජයතිස්ස මහතා පවසයි.

දයාසිරි ජයසේකර මහතා “ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණේ” එක් වීමක් පිළිබඳව කතා කිරීම සම්බන්ධයෙන් තම දයාසිරි ජයසේකර මහතාට ස්තුතිවන්ත වන බව එහිදී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගය ඉදිරිපත් කරන කොන්දේසිවලට එකඟ වන්නේ නම් ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහ ජනතා විමුක්ති පෙරමුණ ට එක්ව කටයුතු කිරීමට හැකි වන බව ජයතිස්ස මහතා පෙන්වා දෙන්යි.

එපමණක් නොව රට ගැන හිතන දූෂණයට වංචාවට එරෙහි සියලු බලවේග වලට ඉදිරියේ දී .ජාතික ජන බලවේගය සමග එක් විය හැකි බව නලින්ද ජයතිස්ස මහතා කියයි.

දූෂණය වංචාවට එරෙහිව ආණ්ඩුවේ සිටින කලකිරුණු මැති ඇමතිවරු රැසක් මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගය සමඟ සාකච්ඡා කරමින් සිටින බව පෙන්වා දෙන නලින්ද ජයතිස්ස මහතා ඔවුන්ගේ සහාය ද තීරණාත්මක මොහොතක දී ලබා ගන්නා බව සඳහන් කරයි.

ඒ අනුව ජාතික ජන බලවේගයේ කොන්දේසි වලට එකඟ වන සියලූ පාර්ශව එකතු කරගෙන ඉදිරියේ දී ජනතාවාදී ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කරන බව නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් සදහන් පැවසීය.

 

No comments

Ads Place