Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊළඟට එන ආණ්ඩුව ගැන හිටපු ජනාධිපති කිව්ව කතාව

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් අමතමින් හිටපු එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය. ශ්‍රී ලංකා නිදහස් ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් අමතමින් හිටපු එම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වුණත් ඇතැම් අවස්ථාවල් වලදී අපකීර්තිමත් වෙලා තිබෙනවා. අපේ ඉතිහාසය ගත්තම නමුත් අපි කීර්තිමත් සහ රටට වඩාත් ඵලදායි ලෙස වැඩ කළ දේශපාලන පක්ෂයක් විදියට මේ රටේ කවුරුන් කෙසේ කොහොම කිව්වත් ඉදිරියෙන්ම සිටින පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.

අපිට ඉතිහාසයක් තිබෙනවා. අපිටත් ප්‍රතිපත්තියක් තියෙනවා. අපිට දර්ශනයක් තිබෙනවා. අනාගතය සඳහා අපට පක්ෂයක් විදිහට දැක්මක් තිබෙනවා. අපි අද ජීවත් වෙන කාල සීමාව මම හිතන්නේ දවසින් දවස තල්ලුවී යන්නේ මේ රටේ ඉතිහාසයේ ඉතාම අභාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් කරා කියලයි මට නම් පෙනී යන්නේ. තමුන්නාන්සේලා දන්නවා අද මේ රටේ ජීවත්වෙන ජනගහනයෙන් මිලියන 21කට ආසන්න ජනතාවක් ජීවත් වෙනවා. මට මේ වෙලාවේ මතක් උනා ඉන්දියාවේ හිටපු ජනාධිපති ජවහල්ලාල් නේරු මැතිතුමා එතුමා අගමැති කාලේ ඉන්දියාවෙ හිටිය ජනකාය කෝටි 65 යි. එතුමා අවුරුදු කීපයක් රට පාලනය කරලා අවස්ථා කීපයකම එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වුණා. එතුමා 4වැනි සැරේ නැතිනම් 5වැනි සැරේ ගිය විට එක්සත් ජාතීන්ගේ සමුළුවේදී ඇමරිකාවෙදී ජවහල්ලාල් නේරු තුමාගෙන් රාජ්‍ය නායකයෙක් ඇසුවා තේ එකක් බොන ගමන් ඔබතුමා දැන් ඉන්දියාවේ අගමැති ධුරය භාරගෙන සෑහෙන කාලයක් වෙනවා. අපිට ආරංචියි ඔබතුමා හුඟාක් ඉන්දියාව වෙනස් කරමින් යනවා. ප්‍රශ්ණ විසඳලා තියෙනවයි කියලා අපිට දැනගන්න ආරංචි කියලා කිව්වා.

ජවහල්ලාල් නේරු තුමා තේ කෝප්පය අතේ තියාගෙන උත්තරයක් දුන්නා. මම දැන් අවුරුදු කීපයක් රට ගෙනියනවා තමයි. මගේ රටේ ඉන්නවා ජනගහනය කෝටි 65 ක්. මට විසඳන්න ප්‍රශ්න තියෙනවා කෝටි 65 ක්. ඉන්දියාවේ ජීවත් වෙන හැම මිනිසෙක්ම ‍එක ප්‍රශ්ණයක් විදිහටයි මම ගන්නෙ කියලා කිව්වා.

මට ප්‍රශ්න තව කෝටි 65 ක් විසඳන්න තියෙනවා. කොතෙක් ප්‍රශ්න විසඳුවත් කියල, නේරු තුමා එදා කිව්වේ හැම මිනිසෙක්ම එක ප්‍රශ්නයක් කියලා. රටේ පාලකයන්ට ඒ කියන්නේ අයහපත් ලෙස නෙමෙයි යහපත් ලෙස හැම පුද්ගලයෙකුගේ ම තිබෙන ප්‍රශ්න අපි විසඳිය යුතුයි කියන එක.

නේරු තුමා කිව්වේ කෝටි 65ක හැමකෙනෙක්ම ‍ ප්‍රශ්ණයක් විදියට. ප්‍රශ්න කෝටි 65 ක් ඉදිරිපත් වෙලා තිබෙනවායි කියලා අවසන් කරන්න නමුත්, අද අපේ රටේ ගත්තොත් අපිට අපේ රටේ මිලියන 21කින් ජීවත් වෙන හැම කෙනෙක්ම ප්‍රශ්නයක් වගේම ඒ පුද්ගලයෙකුට ප්‍රශ්න රාශියක් තිබෙනවා. මේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත ගොඩනගන්නේ කෙසේද යන ප්‍රශ්නයක් අද මතුවෙලා තිබුනා. අද දේශපාලනය, ආර්ථිකය, සමාජ අර්බුද, ජාත්‍යන්තරය අද සියල්ලම අවුල් කරගෙන තිබෙනවා. ඒ අවුල් කර ගැනීමේදී දේශපාලන කළමනාකරණය කියන්නේ එකක්. දේශපාලන කළමනාකරණය කියන එක හරිහැටි කළ යුතු දෙයක්. ජාත්‍යන්තර සබඳතා කියන්නෙ ඉතාම පුළුල් විෂයක්. ජාත්‍යන්තර සබඳතා කියලා කියන්නේ අද තාක්ෂණික ලෝකයේ වේගයෙන් දියුණු වෙමින් සංවර්ධනය වෙමින් යන ලෝකයේ විශේෂයෙන්ම ජාත්‍යන්තර සබඳතා තමයි රටක් දියුණුවීමට වඩාත් වැදගත් වන්නේ. අද අපි ජාත්‍යන්තර සබඳතා වලින් කොතනද ඉන්නේ කියලා තමුන්නාන්සේලාට පේනවා. මේ දවස්වල සාමාන්‍යයෙන් තමුන්නාන්සේලාගේ කතාබහින් ගෙවල් වලදී, මාධ්‍ය සාකච්ඡාලව අහනවා පාර්ලිමේන්තුවේදී අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන IMF. .

හුඟදෙනෙක් අහනව ආණ්ඩුවෙන් IMF යන්නැද්ද කියලා. මේ ආර්ථික අර්බුදය විසඳා ගන්න යම්කිසි සහනයක් එතනින් හම්බ වෙයිද කියලා. ආන්ඩුවේ ප්‍රබලයින් කියනවා නෑ අපි IMF යන්නෙ නෑ කියලා. තමුන්නාන්සේලාට සමහර විට මතක ඇති මේ අවුරුදු පහට මාස එක හමාරකට අඩු මුළු කාලයේදීම මම වැඩ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක. IMF එක මට බරපතළ කොන්දේසි දැම්මෙ නෑ. ඒ වගේම දාපු සමහර කොන්දේසි ටිකක් තද එව්ව. මම ඒගොල්ලන් එක්ක ගෙන්නලා කතා කරල මම කිව්වා මෙව්වා මට කරන්න බෑ. මේ දේවල් කලොත් රටේ විශාල අර්බුද එනවා. අවුල් වෙනවා. ජනතාවගේ අප්‍රසාදය එනවා. සාමාන්‍ය ජනතාවගේ දෛනික ජීවිතේ ට බලපාන ප්‍රශ්න නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය, මේවා නම් කොහෙත්ම අත තියන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා මම කිව්වා.

ඒ වෙලාවේ ඒ ගොල්ලො පිළිගත්තා මගේ ඉල්ලීමට කන් දුන්නා. ඒ කොන්දේසි අයින් කර ගත්තා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ලෝක බැංකුවත්, ආසියානු සංවර්ධන බැංකුවත්, ජයිකා ජපන් ජාත්‍යන්තර බැංකුවත්, කොයිකා කොරියානු ආර්ථික සහයෝගීතා ජාත්‍යන්තර සංවිධානයත්, යුරෝපා යූනියන් එක මේ සියල්ලම ලෝකයේ දුප්පත් රටවල් වලට සහ ආර්ථික ආධාර අවශ්‍ය රටවලට ආධාර දෙන ජාත්‍යන්තර ආයතන ලෝකයේ පිළිගත් ඉතා වැදගත් ආයතන. ඒ හැම ආයතනයක්ම උදව් කරන්නේ මිත්‍රවරුනි ඒ රටේ රාජ්‍ය පාලනයේ ස්වභාවයටයි.රාජ්‍ය පාලනයේ ස්වභාවය බලනවා කොහොමද කියලා.

දැන් මම දන්නවා මට කොහෙත්ම IMF ගහපු නැති කොන්දේසි මේ ආණ්ඩුවට දාන බව මම දන්නවා. මොකක්ද ඒකට හේතුව, නෑ මීට කලින් කතා කරනකොට මං අහගෙන හිටියා මගේ පාලනය කාලේ මම වැඩ කරපු යම් යම් දේවල් ප්‍රධාන වශයෙන් ආධාර දෙන ප්‍රධාන මූල්‍ය ආයතන, දැන් පෙරේදා බටහිර රටක තානාපතිවරියක් මගේ නිවසට ආවා. මට එතුමිය හම්බවෙන්න අවශ්‍යතාවක් තිබුණ. මම එන්නම් කියද්දිත් එතුමියම ආවා. එතුමිය කිව්වා අපි අදත් මේ රටට ආධාර කරන්න කැමතියි. අපි ආධාර කරන්නේ ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහායි කියලා කිව්වේ. එහෙම නැතුව අපි සෘජුවම ආධාර දෙන්නේ නෑ. මේ රට අද තියෙන තත්ත්වයේ හැටියට විශේෂයෙන්ම ආහාර අර්බුදය ජීවත්වීමේ ප්‍රශ්න, ජනතාවගේ දුගී භාවය සහ සාගින්න, ලෙඩ රෝග, මත්කුඩු මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතළ සමාජ අර්බුද මෙව්වා බොහෝ වෙලාවට ජාත්‍යන්තර සංවිධාන බලනවා ඒ ගොල්ල මේ රටවල් වලට අපේ රටට මෙන්ම අනික් රටවල් වලටත් ආධාර දෙන්න අවශ්‍ය වන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා නම්, ඒ රටේ මානව හිමිකම් රකිනවා නම්, මේ රටේ නීතිය සාමය අපක්ෂපාති නම්, රටේ අධිකරණය ස්වාධීන ද, රටේ පොලිසිය ස්වාධීනද තමුන්නාන්සේලා අපි දකිනවා සියලු නඩු නිදොස් කොට නිදහස් වෙනවා. ඔව්වා තමයි ජාත්‍යන්තරය බලන්නේ. අපිට ලකුණු හම්බෙන්නෙ ඕවට තමයි.

අපි රට ගොඩගන්න හරියට සමහරවිට කියන්න පුළුවන් ලිදට වැටිච්ච මිනිහෙක් ගොඩට ගන්න කියලා අත් දෙක උස්සගෙන කෑගහනව ගොඩ ගන්න ගොඩ ගන්න කියලා. නැත්නම් ගේ තුලින්ම ඉන්කොට හදිසි කරදරයක් වෙලා ගේ ගිනි ගන්න කොට පිට ඉන්න අයට බේරගන්න බේරගන්න කියලා කෑ ගහනවා වගේ, අපිටත් අද කෑ ගහන්න සිද්ධ වෙලා තියෙනවා අපිව බේරගන්න බේරගන්න කියලා.

කවුද අපිව බේරගන්නෙ. අපිව බේරගන්න එන්නේ, අපි සැබෑ මිනිස්සු නම් අපිව බේරගන්න එයි. දැන් මගේ කාලේ ජනතාවට ලැබිච්ච අයිතිවාසිකම තමයි තොරතුරු දැනගැනීමේ පනත තමුන්නාන්සේලාගේ දරුවෙක් විභාගයකට ගිහිල්ලා අසමත් වුණා කියලා ආවොත් විභාග කොමසාරිස්ට නැත්නම් ඒ විභාග ලියපු ආයතනයට අයදුම් පත්‍රයක් ඉදිරිපත් කරලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න පුළුවන් මගේ දරුවා අසමත් කියලා. ඇවිල්ලා තියෙනවා මගේ දරුවාගේ ලකුණු පෙන්වන්න. එතකොට අනිවාර්යෙන්ම දෙන්න ඕන. අපරාධයක් නම් කිසි නීති විරෝධී ප්‍රශ්නයක්, රැකියාවක් දෙන්න සම්මුඛ පරීක්ෂණ පවත්වා විභාගයක් තියෙනවා තමන්ගේ දරුවා ඒකට තෝර ගත්තෙ නැත්නම් ආයතන ප්‍රධානියාට ඒ අයදුම්පත්‍රය දුන්නාම තොරතුරු දැනගැනීමේ පනත යටතේ කියනවා අයිතියක් එයාට ලකුණු කීයද හම්බඋනේ කියලා.

පහුගිය දවස් වල දැන් සති තුනකට විතර කලින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මේ මම දන්නෑ හිතවත් කෙනෙක් ප්‍රශ්නයක් ඉදිරිපත් කරලා ඒ තොරතුරු දැනගන්න ආයතනයෙන් උත්තරයක් එනවා ඔබට පිළිතුරු දිය නොහැක. තොරතුරු දැනගැනීමේ පනත වගේ ජනතාවට තොරතුරු දැනගැනීමේ හුදු අයිතිවාසිකම් ජාත්‍යන්තරය ඉතාමත්ම හොඳින් සැලකිල්ලට ගන්නවා. එව්වා අපි පිළිපැදලා නැත්නම් කඩ කරලා නම් ලෝකයාට පේනවනම් මම කියපු කාරණා රටේ නැහැයි කියලා මම කියන කාරණා විතරක් නෙමෙයි ඊට වඩා බරපතළ කාරණා තියනවා මේ රටට ජාත්‍යන්තයර නොසලකා හැරීමට. මම එව්වා මේ වෙලාවේ මෙතන කියන්න යන්නෙ නෑ. ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා තව මාස කීපයක් ගියාම.

අපි ඔක්කොම අද ජීවත් වෙන්නේ මහා ගිනි ගොඩක. කන්දක. මම ජනාධිපතිධූරයට පත්වෙලා 2015ට පෙර රජයේ තිබුණු වංචා දූෂණ සොයන්න මම ජනාධිපති විශේෂ කොමිෂන් සභාවක් පත් කළා. වාර්තා ලැබුණම මම ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාම ඉන් ඉදිරියට එහි වගකීම තියෙන්නේ මට නෙමෙයි. එහි වගකීම තියෙන්නෙ පාර්ලිමේන්තුවේ අගමැති, ඇමැති මණ්ඩලය සහ ඊට අදාළ අනෙකුත් ආයතන හරහා කල යුතුයි. ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙක් මම අහල නෑ තවම තමන්ගේ ආණ්ඩුවේ දුෂණ වංචා හොයන්න තමන් විසින් කොමිෂන් සභාවක් පත් කළ බව. මම 2018 කොමිෂන් සභාවක් පත් කෙරුවා ජනාධිපති කොමිෂන් සභාවක්. මගේ ආණ්ඩුවේ වංචා දූෂණ හොයන්න. මගේ ඇමතිවරුන්ගේ මගේ නිලධාරීන්ගේ වංචා දූෂණ හොයන්න. මම කොමිෂන් සභාවක් පත් කෙරුවා. හැබැයි ඒ කොමිෂන් සභා දෙකෙන් එකක්වත් ඒවගේ වාර්තා අල්මාරි වල කබඩ්වල විතරයි. මේ රටේ වංචාව, දූෂණය, නාස්තිය, අක්‍රමිකතා සහ බලය ඉතා කීපදෙනෙක් අතර පැවතීම මේ කියන බරපතල කරුණු ගත්තාම අපට ගොඩ එන්න කවුරුත් සලකන්නේ නැත.

ඒ තත්ත්වය සැලකිල්ලට ගත් විට අපි අද දවසේ ජීවත් වෙන්නේ අපි හෙට දවස කොහොමද ගෙවා ගන්න පුළුවන්ද කියන කාරණය මතයි. මේ රටේ බහුතරයක් ජනතාවට ආහාර ප්‍රශ්නය ඉතාමත් ප්‍රබල විදියට ඉදිරියෙ තියෙනවා. ඒක වළක්වන්න පුළුවන්කමක් නෑ. තමුන්නාන්සේලා කොළඹ ජීවත් වෙන ජනතාව. මගේ ප්‍රදේශය ඔබතුමාල දන්නවා පොළොන්නරුව. පොළොන්නරු දිස්ත්‍රික්කයේ භූමියේ සීයට 99ක්ම වී ගොවිතැන. දැන් මේ මාස් කන්නේ කියන එක තමයි හොඳට වර්ෂාව හම්බවෙලා වැඩිම අස්වැන්නක් අවුරුද්දේ එන්නේ. යල-මහ දෙකෙන් මාස් කන්නය ඔබතුමාලා දන්නවා. නමුත් ලබන මාර්තු/අප්‍රේල් වන විට මේ රටේ සහල් වගේම අනෙකුත් ආහාර පිළිබඳ අර්බුදය සහ ජීවත් වීමේ අර්බුදය බරපතළ තැනකට වැටෙනවා. ඒක වළක්වන්න පුළුවන්කමක් නෑ. මේකට විසඳුම් මොනවද කියලා සාමාන්‍යයෙන් අද කොළඹ නගරයේ කුණු ගොඩකට පයින් ගැහුවොත් එහෙම ජනාධිපති අපේක්ෂකයෝ දහයක් පහළොවක් කුණු ගොඩෙන් විසි වෙනවා. ඒ තරමට ඉන්නවා ජනාධිපති වෙන්න. මටනම් එහෙම කිසිම බලාපොරොත්තුවකුත් නැහැ. අදහසකුත් නැහැ.

මම දන්නවා මට තේරෙනවා, මගේ දැන් අවුරුදු 54ක් දේශපාලන ජීවිතය. මගේ අවුරුදු 54ක දේශපාලන අත්දැකීම් එක්ක මම ගමේ තරුණ සමිතියේ ඉඳලා පාර්ලිමේන්තුවට ඇවිල්ල මන්ත්‍රී, නියෝජ්‍ය ඇමති, ඇමති ,ඇමතිගෙන් කෙලින්ම ජනාධිපති වෙච්චි කෙනෙක්. මගේ කාල සීමාව තුළ විශේෂයෙන්ම මම ලොකු උත්සාහයක් ගත්තා මේ රට හොඳ තැනකට ගෙනියන්න. මම එදා රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවෙන් එළියට ආවෙ බොහොම පවිත්‍ර චේතනාවෙනි. සමහර අය ඔළුවේ අත ගහා ගත්තා. මේ මිනිහා මේ මොකක්ද කරගත්තෙ කියල. ආණ්ඩුවෙන් එළියට ආපුවාම. ඒ තරම් භයානක තීන්දුවක් මං එදා ගත්තේ. නමුත් මං ඒ භයානක තීන්දුව එදා ගත්තේ කාටවත් බයට නෙමෙයි. රට වෙනුවෙන් මං එදා ඒ තීන්දුව ගත්තේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට මං එදත් ආණ්ඩුව අරගෙන ජනාධිපති වෙලා සති දෙකකින් මට පක්ෂය බාර දුන්නා. පක්ෂයේ සභාපතිකම මට බාර දුන්නා. මම ඉල්ලලා නෙමේ.

මට බාර දුන්නා මගේ ආණ්ඩුව තුළ අර්බුදය අවුරුදු 5 ක කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂයෙ නායකයාගේ ප්‍රතිපත්ති මගේ ප්‍රතිපත්ති අතර අර්බුදය සහ ප්‍රශ්න ප්‍රතිපත්තිමය අර්බුදයක් වුණා. මම සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වදේශිකවාදී චින්තනයක් තුල මං වැඩ කරන්න උත්සාහ කරන වැඩ කරන කෙනෙක්. මගේ හිටපු අගමැතිතුමා අන්ත ලිබරල් වාදය තුළ වැඩකරන්න ගත්ත කෙනෙක්. ඒ නිසා ඒ තුළ තමයි මේ ගැටුම් ඔක්කොම සිදුවුණේ. ඒ අතරට මහ බැංකු මූල්‍ය වංචා වැනි බරපතළ වංචා දූෂණ සිද්ධ වුණා. දැන් අද වුණත් මේ රටේ මීළඟට හදන ආණ්ඩුවක් කවුරුහරි ඒ ආණ්ඩුව ප්‍රධාන වශයෙන්ම රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා වගේම රට ගොඩ ගන්නත් ජනතාව ගොඩගන්නත් මිනිසුන්ගේ දුගීභාවය දුප්පත්කම ලෙඩ රෝග සාගින්න සාගතය මේවායින් ගොඩ එන්න නම් ඇත්තෙන්ම ඒ පිළිබඳව සැබෑ දර්ශනයක් තියෙන පුද්ගලයන් ටිකක් වෙන්න ඕන. ආණ්ඩුවක් හදන්නෙ අපි තමා, මොකෝ දැන් අපි තමා හරි ,අපිට පුළුවන් ආණ්ඩුව හෙට අරගෙන කරන්න, අපි ප්‍රශ්න විසඳන්නම් කියලා කතා කරන අය අපිට හරියට පේනවා. ඉන්නවා. නමුත් හිතන තරම් ලේසි තැනක නෙමේ රට තියෙන්නේ. ඒ නිසා අපිට තියෙන්නෙ බලය පිළිබඳ ප්‍රශ්නයක් නොව අපට තිබෙන්නේ ජනතාව ජීවත් කරවීම පිළිබඳව ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් අප විසින් ගත යුතු ක්‍රියාමාර්ගයි.

දැන් බලන්න විදේශ වත්කම් පහත වැටීම මොන තරම් නරක විදිහට වෙලා තියනවද කියන කාරණය විදේශ වත්කම් විදේශ විනිමය අපිට ආපු සල්ලි ඩොලර් අද සම්පූර්ණයෙන්ම නැවතිලා තිබෙනවා. දැන් බලන්න ආනයන අපනයන ගත්තාම අපෙන් පිටරට යවන දේවල් තේ වෙන්න පුළුවන් මැණික් වෙන්න පුළුවන් අනිකුත් තියෙන දේවල් වෙනත් කර්මාන්තවලින් වෙන්න පුළුවන් ඇඟලුම් කර්මාන්තයෙන් සල්ලි අපිට එන්නේ නැති බව ඔබ තමුන්නාන්සේලා දන්නවානේ. මෙහෙන් යවන බඩු ටික විකුණුවා ම ලැබෙන ඩොලර් ටික එහෙ වෙනත් රටක තැන්පත් කර ගන්නවා. මෙහෙ අපේ විදේශ වත්කම් වලට ඒක එන්නෙ නෑ. විදේශ රැකියා වල ඉන්නඅය තමුන්නාන්සේලාගේ පවුල් වලා ඉන්නවා ඇති ලෝකෙ ලක්ෂ ගානක් ඉන්නවා. දැන් ඒ ගොල්ලන් සල්ලි කලින් එව්ව විදියට නෙමෙයි එවන්නේ. තමුන්නාන්සේලා දන්නවා ආණ්ඩුවට නෙමෙයි ඒ සල්ලි එවන්නේ. වෙනත් ක්‍රම මගින් සල්ලි එවනවා. මේ ඩොලර් ප්‍රශ්නය තුළ ඩොලර් එකක් අපේ රුපියල් අතර තියෙන තත්ත්වයේ අර්බුදය ප්‍රශ්නය නිසා වගේම ඒගොල්ලන්ගෙ සල්ලිත් මෙහාට එව්වාම අඩු වශයෙන් ඒගොල්ලන්ගෙ ගෙවල්වලට ලැබෙයිද කියලා ඒගොල්ලන්ගෙ සැකයක් තියෙන නිසා. මේ විදිහට මේ ප්‍රශ්න ඔක්කොම අවුල් කරගෙන තියෙනවා. අවුල් වෙලා තිබෙනවා මේ අතරෙ මේ වගේ කාලෙක තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සංවිධානය කරන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කිරීම තුළ අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලි ලෙසම තමුන්නාන්සේලා දන්නවා මේ රටේ අද කිසිම දේශපාලන පක්ෂයකට තනියම ආණ්ඩුවක් හදන්න බෑ.

මේ ආණ්ඩුව අපි දන්නවා ජනාධිපතිතුමා දිනුවේ 69 ලක්ෂ ගානකින් .හැබැයි පක්ෂ කීයක් ද. පක්ෂ 12ක සන්ධාන ආණ්ඩුවක්.ලක්ෂ69 ඔප්පුව තනියම ලියාගන්න හැදුවට පොදුජන පෙරමුණ පක්ෂ 12ක් එකතුවෙලා තමයි මේ ලක්ෂ 69 ගත්තේ. මේක සන්ධාන ආණ්ඩුවක්. අපේ පක්ෂ නිර්මාතෘ එස් ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරනායක මැතිතුමා ගේ කාලේ ඉඳලම ජේ ආර් ජයවර්ධනගේ 77 ආණ්ඩුව එයා තනියම හයෙන් පහක් ගත්තා. අනෙක් ආණ්ඩු ඔක්කොම සන්ධාන ආන්ඩු. ජේආර් ගෙතූ 6 /5 තියාගන්න බැරුව ගියා. ජේ ආර් ජයවර්ධන මහත්තයා මේ රටේ කිසිම නායකයෙක් නොකරපු ‍රාජතාන්ත්‍රික විරෝධී වැඩක් කළා අවුරුදු හයක පාර්ලිමේන්තුව අවුරුදු 12කට දාගත්තා අන්ත දූෂිත පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ටික කලක් යනකොට අන්තිමේදී ඒකත් කෑලි කෑලි ගැලවිලා යන්න ගත්ත. අවසානයේ ප්‍රේමදාස මහත්තයා ඇවිල්ලා ලලිත්ලා, ගාමිණීල ගිහිල්ලා එදා UNPය වැටිච්ච වැටිල්ල අද වෙනකම් ගොඩ ගන්න බෑ. UNPය යන්තම් ගොඩ ආවා මගෙන් 2015 ජනවාරි 8 මම ඡන්දෙට ඉදිරිපත් වෙච්චි නිසා නැත්තං ඒත් UNPයක් එන්නෙ නෑ. ඒ තත්වෙට ආවා

එතකොට අපිට අද ආත්මාර්ථකාමීව නැත්නම් අපි තමයි මිනිස්සු කියල හිතාගෙන කාටවත් ආණ්ඩු කරන්නේ. මේ රටේ හම්බ වෙන්නේ නැහැ මේ රටේ තනි දේශපාලන පක්ෂයකට කිසිමදාක ඉදිරියේදිත් බලය එන්නේ නෑ. මේ තුළ රටට අවශ්‍ය වෙන්නේ යම් වාම ප්‍රගතිශීලී බලවේගයක්. ඒ වගේම රට පිළිබඳව අවංකවම වැඩ කරන පිරිසක්. එයින් තමයි අපිට ලොකු ව්‍යායාමයක් තුළින් අවංකව කටයුතු කළොත් රට ගොඩ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ.

හොරු නැති ආණ්ඩුවක්

ඊයෙ හවස මම මඟුල් ගෙදරක ගිහිල්ලා හිටියේ. එතැන කතා කර කර ඉන්නකොට මං කිව්වා අපි හැමදාම හොරු ගැන කතා කර කර ඉන්නවා. හැබැයි ඉතින් ඊළඟට වත් කවුරුහරි හොරු නැති ආණ්ඩුවක් හදනවානම් හොඳයිනේ කියලා. එතකොට එතන හිටපු මහත්තයෙක් මට හොඳ උත්තරයක් දුන්නා,

ඒ මහත්තයා කිව්වා සර්, හොරු නැති ආණ්ඩුවක් හදන්නත් හොරුත් එක්ක ආණ්ඩුවක් හදලා ඉන්න ඕන. නැත්නම් ආණ්ඩුව හදාගන්න බෑ. මොකද හොරු වැඩියි දේශපාලනයේ. ඒක නිසා හොරු නැති අය තෝරගන්න ගියොත් ආණ්ඩුව හදාගන්න බැරුව යනවා, හොරුන් කරපු බලයක් තියෙනවා රටේ දේශපාලනයෙ. ඒ නිසා ඒක කලින් කියන්නෙ නැතුව හොරුත් එක්ක එකතුවෙලා කොහොමහරි ඒ බලවේග ඔක්කොම එකතු කරලා ආණ්ඩුවක් හදලා පස්සේ හොරුන්ට වැඩේ දෙන්න පටන් ගන්න ඕනේ කියලා එයා කිව්වේ. ඒකත් හොඳ වැදගත් අදහසක්.

ඒ මොකද ඒ තරම් හොර නැති දේශපාලනඥයො හොයන්න හරි අමාරුයි අද. එන්නේ වැලි පස් ගල් කොන්ත්‍රාත් ටෙන්ඩර් ඒවා තමයි සමහර ඇමතිවරුන් ඇමතිකම් දෙන්න කලින් බලන්නෙ. හොයල බලනවා ලැබෙන අමාත්‍යාංශයේ මොනවද තියෙන්නෙ කියල. ව්‍යාපෘති මොනාද තියෙන්නෙ කියලා. දෙපාර්තමේන්තුව විතරද තියෙන්නේ. දෙපාර්තමේන්තු තියෙද්දි හොරකන් කරන්න අමාරුයිනේ. එහෙමත් බලනවා. දැන් අපේ රටේ පළාත් සභා ක්‍රමය ඉතාම අසාර්ථකයි නේ. අන්ත දූෂිතයි පළාත් සභා ක්‍රමය. පළාත් වල AR/FR නැහැ. ඒ කියන්නේ පරිපාලන රෙගුලාසි සහ මුදල් රෙගුලාසි රේඛීය අමාත්‍යාංශවල තියෙන නීති රීති පළාත් සභාවේ නැහැ. පළාත් සභාවල තියෙන සල්ලිවලින් මෝල් ගස් අරන් දෙන්න පුළුවන්. වංගෙඩි අරන් දෙන්න පුළුවන්. පුටු අරන් දෙන්න පුළුවන්. මිරිස් ගල් අරන් දෙන්න පුළුවන්. කබඩ් අරන් දෙන්න පුළුවන්. ටකරං අරන් දෙන්න පුළුවන්. අල්මාරි අරන් දෙන්න පුළුවන්. නමුත් අමාත්‍යාංශවල සල්ලි එහෙම බෑ. එතකොට ඇත්තෙන්ම මම කලින් කිව්ව මිලියන 21ක ආසන්න ජනතාවගේ ජීවිත පිළිබඳව මේ රටේ අද මිනිස්සුන්ට ආදරේ කරන රටට ආදරේ කරන දේශපාලඥයින් පිරිසක් සිටිනවා නම් ඒ හැම කෙනෙක්ම හිතන්න ඕන මේක කොතනින්ද පටන් ගන්න ඕන. කොතනින්ද අපි යම්කිසි සහනයක් දෙන තැනට මේ රට ගන්නෙ කියලා.

ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කරන්නේ අපිටත් තනියම පක්ෂයක් විදියට ආණ්ඩුවක් හදන්න කවදාවත් බැහැ. මේ රටේ කිසිම පක්ෂයකට තනියම ආණ්ඩුවක් හදන්න ඊළඟ පාරත් බැහැ. ඒ නිසා යම් යම් පොදු වැඩපිළිවෙළක් තුළ අපි අපේ ප්‍රශ්න විසඳාගෙන විශේෂයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය දැඩි අර්බුදයක හරිම ව්‍යාකූලයි. අද කෘෂිකර්මාන්ත බරපතළ අර්බුදයක ව්‍යාකූලයි. ජාත්‍යන්තර දේශපාලනය ලංකාවත් එක්ක බරපතළ අර්බුදය.ක මං ඒවා විස්තර කරන්න යන්නෙ නෑ. මේ හැමදාම ගැට ගැහිච්ච නූල් බෝලයක් වගේ නූල කඩාගන්නෙ නැතුව කොහොමද ගැට ගැහුනු නූල් බෝලය ඔක්කොම ටික ලිහාගන්නේ කියන එක. මේක නිකන් මේ විහිළුවට අරගෙන සෙල්ලමට අරගෙන මෙතෙක් කල් ආණ්ඩුව හදපු විදියට ආණ්ඩුවක් හදලා නම් කවදාක්වත් බෑ.

මෙතෙක් කල් මේ රටේ පැවති සාම්ප්‍රදායික ආණ්ඩුවට වඩා වෙනස් ආණ්ඩුවක් අනාගතයේ එන්න ඕන මේ රට හදාගන්න ඇතැම් වෙලාවට හුගාක් අය දොස් කියනවා. මං අහලා තියෙනවා දේශපාළනයේ, පාර්ලිමේන්තුවේ, ආර්ථික විශේෂඥයෝ,මාධ්‍ය විවිධ අංශවලින් අද මේ රට පත්වෙලා තිබෙන තැනට වගකියන්න ඕන නිදහසින් පසු මෙරට පාලනය කරපු හැම කෙනෙක්ම කියලා. අවුරුදු 73ක් පාලනය කරපු හැම ආණ්ඩුවක්ම නමුත් මම ඒකට එකඟ වෙන්නේ නැහැ. අද මේ රට පත් වෙලා තියෙන තැනට වගකියන්න ඕන විශේෂයෙන්ම 77 ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ විවෘත ආර්ථිකය හඳුන්වා දුන් දින සිට රට පාලනය කරපු හැම කෙනෙක්ම. මමත් එක්ක වගකියන්න ඕන. මේ රටට අද සිද්ද වෙලා තියෙන දේ ගැන ආර්ථිකයෙන් වැරදි කළමනාකරණ යකට ගිහිල්ලා විදේශ වත්කම් පිළිබඳව කිසිම මූල්‍ය විනයක් නැතිව අධි සුඛෝපභෝගී දේවල් මේ රටට ගෙනල්ලා මේ රටේ ආර්ථිකයට නොගැළපෙන අධි සුඛෝපභෝගී වාහන ගෙවල් වලට අවශ්‍ය අති සුඛෝපභෝගී භාණ්ඩ ඉතා ඉහල මිල ගනන්. එතන ඉඳලා බැලුවම බෝලය ,සරුංගලය මේ සියලුම දේවල් විනයක් ඇතුව කළමනාකරණය නිසි ලෙස නොකරපු නිසා විදේශ වත්කම් කලමණාකරනය නොකරපු ආර්ථිකයේ ප්‍රතිපල තමා මේ භුක්ති විඳින්නේ.

විවෘත ආර්ථිකය ඉතාම හොඳ දෙයක් විවෘත ආර්ථිකය අවශ්‍ය දෙයක්. ලෝකයේ අපි හැමෝටම විවෘත ආර්ථිකය අවශ්‍යයි 76 /77 ආර්ථිකයත් හොඳයි. නමුත් ඒ ක්‍රමය දිගටම පැවතුණා නම් අද ජාත්‍යන්තර වෙළෙඳ ගනුදෙනු වලදී ප්‍රශ්න වලදී ඒ පිළිබඳවත් අර්බුද එනවා. නමුත් අපි බණ්ඩාරනායක මැතිණියගේ, ආචාර්ය ඇන්.ඇම් පෙරේරා මැතිතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය සහ විවෘත ආර්ථිකය පිට යහපත් ලෙස මේ දෙක මිශ්‍ර කරගෙන කටයුතු කරන්න ඕන. ඒ නිසා අපි මේ තියෙන තත්ත්වයන්ට ප්‍රධාන ලෙසම අවබෝධ කරගෙන කටයුතු කරමු. තමුන්නාන්සේලා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් හැටියට ධෛර්ය ,ශක්තිය අපි ලබන්න ඕන. රට වෙනුවෙන් යහපත් රාජ්‍ය පාලනයක් සඳහා ඒ සඳහා පෙළ ගැහෙන්න ඕන.

පක්ෂය ශක්තිමත් කරන්නට ඕන නගරයේ කොටස්. ඒවගේම මේ සඳහා එකතු කරගන්න පුලුවන් සෑම කෙනෙක්ම එකතු කරගන්න ඕන. ඒ තුළ නිවැරැදි දේශපාලන මතයක් අපි ගොඩනගා ගන්නට ඕන. දහසක් මත ගැටී නිවැරදි එක් මතයක් ගොඩ නැඟීමයි කියන එක ඔබ තමුන්නාන්සේලා දන්නවා. ඒක තමයි අවශ්‍ය වන්නේ. එය තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියල කියන්නේ. තනි මතයන් කටයුතු කරලා ද කාටවත් ජයග්‍රහණය කරන්න බැහැ. සෑම රාජ්‍ය ආයතනයක්ම අවුල්. හැමතැනම අවුල් තියෙනවා. ඒ තත්ත්වය මේ හැම තැනම ඉන්න මිනිස්සු. ඒ නිසා මිනිසුන්ට ලෑස්ති ජනතාවට නිවැරදි මගක් පෙන්නුවොත් නිවැරැදි වැඩපිළිවෙළක් පෙන්නුවොත් නිවැරදි ප්‍රතිපත්තියක් පෙන්නුවොත් ඒ ප්‍රතිපත්ති සහ වැඩ පිලිවෙල වටා එකතු වෙනවා. ඒක නිසා මිනිස්සු වටා නෙමෙයි අපි එකතු වෙන්න ඕන රට වෙනුවෙන් යහපත් අනාගත ප්‍රතිපත්තියක් සැලැස්මක් තුලයි. අපි එකතු වෙන්න ඕන ඒ සඳහා අපි සියලු දෙනා ම කටයුතු කරමු.

 

No comments

Ads Place