Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලාංකිකයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධව විශාල පිරිසක් අත්අඩංගුවට

පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.   සැකක...

පාකිස්තානයේ සියල්කොට් නගරයේ දී ශ්‍රී ලාංකිකයෙකුට අමානුෂික ලෙස පහර දී පුළුස්සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.  

සැකකරුවන් 50 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි. 

පාකිස්තානයේ සියල්කෝට් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයෙකු අමානුෂික ලෙස ඝාතනය කර පුළුස්සා දැමීමේ සිද්ධිය පාකිස්තානයට ලැජ්ජා සහගත කරුණක් වන බව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳව තමාගේ දැඩි අවධානය යොමුව ඇති බවය.

සිද්ධියට වගකිව යුතු සියලු පාර්ශව වලට නීතියෙන් දැඩි දඩුවම් ලබාදෙන බව ද ඉම්රාන් ඛාන් ප්‍රකාශ කර තිබේ.

පාකිස්තානයේ සියල්කෝට් හිදී එරට කර්මාන්ත ශාලාවක කළමණාකරුවෙකු වශයෙන් කටයුතු කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු එම කර්මාන්ත ශාලාවේ සේවකයින් පිරිසක් විසින් පහර දී ඝාතනය කර තිබුණි.

අනතුරුව මාර්ගයට රැගෙනවිත් ඇති මළ සිරුරට ඔවුන් විසින් ගිනිතබා ඇති අතර එම අවස්ථා විශාල පිරිසක් අවට එක්රැස්ව සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියගොස් ඇත්තේ 2010 වසරේ සිට අදාළ කර්මාන්ත ශාලාවේ සේවයේ නිරතව සිටි අයෙකු බව වාර්තා වේ.

කර්මාන්ත ශාලාවේ ප්‍රදර්ශනය කර තිබු ආගම් සම්බන්ධයෙන් වන සටහනක් ඉවත් කිරීමට මෙම ශ්‍රී ලාංකිකයා කටයුතු කිරීම ඝාතනයට හේතු වී ඇති බව විදෙස් වාර්තාවල දැක්විණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ දීම මෙරට විදේශ අමාත්‍යාංශය ඉස්ලාමාබාද් නුවර පිහිටි තානාපති කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා තිබුණි.

මීට අමතරව සිද්ධිය පිළිබඳ විමර්ශනය කර යුක්තිය සහතික කිරීමට පාකිස්තානය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

 

No comments

Ads Place