Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එලවළු මිල තව ඉහළට..අමු මිරිස් 800යි..දෙහි 850යි..

හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම එලවලු මිල තව දුරටත් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මේ වන විට මෙම ප්‍රදේශයේ අ...

හැටන් හා ආශ්‍රිත ප්‍රදේශ කිපයකම එලවලු මිල තව දුරටත් ඉහල යාමත් සමග මෙම ප්‍රදේශයේ ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත.

මේ වන විට මෙම ප්‍රදේශයේ අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 700ත් 800ත්, මාළුමිරිස් ක්‍රිලෝව 600ත් 650ත්,බෝංචි ක්‍රිලෝව 380ත් 400ත්, වමිබටු ක්‍රිලෝව රුපියල් 260ත් 260ත්, තක්කාලි ක්‍රිලෝව රුපියල් 400ත් 450ත්, කැරට් ක්‍රිලෝව 320ත් 350ත්, බිට් ක්‍රිලෝව 260ත් 280ත්, ලික්ස් ක්‍රිලෝව 320ත් 340ත්, එලබටු ක්‍රිලෝව 300ත් 320ත්, දෙහි ක්‍රිලෝව 800ත් 850ත් ගෙඩි ගෝවා ක්‍රිලෝව 200ත් 240ත්, දඹල ක්‍රිලෝව 350ත් 380ත්, පතවල ක්‍රිලෝව 260ත් 280ත් අලු කෙසල් හා වට්ටක්වා ක්‍රිලෝව 120ත් 140ත් අතර මිගකට අලෙවි වනු ඇත.

මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පිරිසක් පවසනුයේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එලවලු මිල අඩු වුවද හැටන් හා ආශ්‍රිත ප්‍රදේශවල එලවලු මිල අඩුවි නොමැති බවත්ය.

එලවලු මිල මෙසේ ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත් සමහර ආර්ථික මධ්‍යස්ථානවල එලවලු මිල අඩුවුවද එහි වාසිය තමන්ට ලබා නොදි මෙම ප්‍රදේශයේ සමහර එලවලු වෙලදුන් වැඩි ලාබ ගැනිම සදහා මෙසේ එලවලු මිල වැඩි කිරිමට පියවර ගෙන ඇති බවට තමන් තුල සැකයක් පවතින බව එම පිරිස් පවසති.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එලවලු වෙලදුන් කිප දෙනකුම පවසන ලද්දේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එලවලු මිල අඩුවු බවට පැවසුවද එම ස්ථානවල සිට එලවලු තොග රැගෙන එන වෙලදුන් එලවලු තොග මිල වැඩි කිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇති බවත්.

මෙම තත්වයන් මත සමහර පාරිභෝගිකයන් තමන් සමග අමනාප වන බවත් මෙම තත්වයන් මත තමන්ද විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවද පවසන ලදි.

 

No comments

Ads Place