Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝසිට වාහනයක් කුලියට ගන්න මාසිකව ලක්ශ 5ක්..යෝජනාව සම්මතයි

කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට වාහනයක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මාසිකව වෙන්කිරීමට නගර සභාව විසින් අනුමැත...

කොළඹ නගර සභාවේ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට වාහනයක් කුලියට ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් මාසිකව වෙන්කිරීමට නගර සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ.

ඇය මෙතෙක් භාවිතා කළ නිල රථය අලුත්වැඩියාව සඳහා යොමු කර ඇති නිසා මෙලෙස වෙනත් වාහනයක් කුලියට ගැනීම සිදුවන බවට අදාළ යෝජනාව ඉදිරිපත් කරමින් නගරාධිපතිනිය සඳහන් කළාය.

ඊට විරෝධය පල කරමින් විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ වියදම් අවම කිරීමේ අවශ්‍යතාවයක් ඇති අවස්ථාවක මෙවන් අධික මිල ගණන් වලට වාහන කුලියට ගැනීම අනුමත කළ නොහැකි බවයි.

තමන්ද එම විරෝධය පිළි ගන්නා බවත් අකමැත්තෙන් වුවද විකල්පයක් නොමැති නිසා එසේ කරන්නට සිදුවී ඇති බවද රෝසි සේනානායක මහත්මිය ඊට පිළිතුරු දෙමින් කියා සිටියාය.

 

No comments

Ads Place