Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලෝකයේ කොරෝනා පාලනයෙන් නරකම රටවල් අතර ශ්‍රී ලංකාව 58..එන්නත්කරණයෙන් ලංකාව 39

ලෝකයේ කොරෝනා පාලනයේදී නරකම රටවල් අතර ශ්‍රී ලංකාවක් 58 වැනි ස්ථානයේ සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් ක...

ලෝකයේ කොරෝනා පාලනයේදී නරකම රටවල් අතර ශ්‍රී ලංකාවක් 58 වැනි ස්ථානයේ සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

එන්නත්කරණය අතින්ද ශ්‍රී ලංකාව සිටින්නේ 39 වන ස්ථානයේ බවද ඔහු පැවසීය.

මීට හේතුව විද්‍යාව පසෙක තබා අවිද්‍යාව පස්සේ පැන්නීම බවත් ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට පාර්ලිමේන්තුවේ දී එක්වෙමිනි.

ඔමික්‍රෝනා ප්‍රභේදයෙන් ගැලවීමට ගුවන්තොටුපළ නිසි ලෙස කළමනාකරණය කළහොත් හැකියාවක් ඇති බවද පැවසූ ඔහු එවන් ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට පැමිණිය හොත් කීදෙනෙක් ඉතිරි වේ දැයි කිව නොහැකි බවද සඳහන් කළේය.

අද විට ඩොලර් හිගය හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ණයවර ලිපි 64ක් සිරවී ඇති බවත් එනිසා ඉදිරියේදී රටේ බරපතළ ඖෂධ හිඟයක් ඇති වනු ඇති බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය

 

No comments

Ads Place