Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නැනෝ යූරියා ගෙන්වා ඇත්තේ 400%ක් වැඩිපුර ගෙවලා..පොහොර කෘෂි රසායන නැතුව මහ කන්නය ඉවරයි

නැගෙනහිර පලාතේ මහ කන්නයේ භාගයකට වඩා ගතවී ඇතත් අදටත් ගොවියාට පොහොර මිටියක්, බෙහෙත් කුප්පියක් නැතුව අන්ත අසරණ වෙලා. පොහොර – බෙහෙත් ගෙන්වන ගැසට...

නැගෙනහිර පලාතේ මහ කන්නයේ භාගයකට වඩා ගතවී ඇතත් අදටත් ගොවියාට පොහොර මිටියක්, බෙහෙත් කුප්පියක් නැතුව අන්ත අසරණ වෙලා. පොහොර – බෙහෙත් ගෙන්වන ගැසට් එක ගහන්න සතියකට වැඩිය ගියා. තවම වැඩ බලන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයෙක් පත් කරලා නෑ. මහ කන්නයේ පොහොර – බෙහෙත් ගෙන්වන එක නෙකෙරෙන වැඩක්. ජනවාරි කන්නයට හෝ බෙහෙත් පොහොර ටික ලබා දී ගොවි තැන රැකගන්න යැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසයි.

කෘෂිකර්ම ඇමති පාර්ලිමේන්තුවේ කිව්වා ගොවියාට අවශ්‍ය කෘෂි රසායන ටික වහාම ගෙන්වනවා කියලා. දැන් සති තුනකට වැඩියි. තවම එකම කෘෂි රසානයනයකට පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් අවසර දී නෑ. අඩුම ගානේ වැඩ බලන පළිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයෙකු හෝ පත් කර නෑ. එකම පොහොර ඇණවුමක් හෝ ලබා දී නෑ.

ඇමති කිව්වා දැන් ඩොලර් තියෙනවා. එල්.සී. (ණයවර ලිපි) ඇරලා ඉවරයි. මේ කන්නයට බඩු ගේනවා කියලා. මේ සියල්ල පට්ටපල් බොරු. නියමිත මිල වගේ 400% ක් ගෙවලා නැනෝ යුරියා ගෙන්වන් තියෙන උනන්දුව හදලා තියෙන ගොයමේ වල් ටික මර්ධනය කරන්න වල් බෙහෙත් ගේන්න නෑ. උඩරට ගොවියෝ දිලීර නාශක නැතිව හූල්ලනවා. දඹුල්ල, මාතලේ, උදුම්බර, හඟුරන්කෙත, වලපනේ, නුවරඑළිය කලාපයේ වගාවෙන් 75 %කට වඩා දිලීර රෝගවලට ගොදුරු වෙලා. ආණ්ඩුව බෙහෙත් නැතිව පිළිකා, වකුගඩු, ආදී බරපත රෝග තියෙන මිනිස්සු රෝහල්වල මරණවා. බෙහෙත් ටික දෙන්නේ නැතිව වගා බිම්වල වගාව විනාශ කරනවා.

ගෝඨාභය කියන්නේ ‘ටර්මිනේටර්‘ කියලා තමයි පොහොට්ටුවේ ගෝලයෝ කිව්වා. ඒ කතාව ඇත්ත. ‘ටර්මිනේටර්‘ කියන්නේ ‘කාබාසිනියා කරන්නා‘ — මෙයා ආපු දවසේ ඉදලා හැමදේම කාබාසිනියා කරනවා. යැයි ද කවිරත්න මහත්මිය පැවසුවා

 

No comments

Ads Place