Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් සිලින්ඩරයක් 3500ට විකුණයි

සංයුතිය සටහන් කරන ලද කිලෝ 12.5 කින් යුත් ගැස් සිලින්ඩරයක් රු 3500කට අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හැටන් නගරයේ ගැස් පාරිභෝගිකයන් චෝ...

සංයුතිය සටහන් කරන ලද කිලෝ 12.5 කින් යුත් ගැස් සිලින්ඩරයක් රු 3500කට අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හැටන් නගරයේ ගැස් පාරිභෝගිකයන් චෝදනා කර සිටියි.

ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් වෙත සමාගම විසින් නිකුත් කරනු ලබන ගැස් සිලින්ඩර අලෙවි නියෝජිත වෙලදසැලේ ගබඩා නොකර ඇතැම් අලෙවි නියෝජිතයන් එම ගැස් සිලින්ඩර් ලොරි රථ වල පටවා හැටන් ප්‍රදේශයේම එම අලෙවි නියෝජිතයන්ගේ නිවාස වල සහ ගබඩා වල තොග වශයෙන් ගබඩා කර ත්‍රිරෝද රථකරුවන් හරහා මෙම ජාවාරම සිදු කරන බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

කිලෝ 12.5 බරකින් යුත් නව සංයුතිය සටහන් කරන ලද ගෘහස්ථ ගැස් සිලින්ඩරයක් රු 2765 මිලකට අලෙවි කිරිමට තිබියදි හැටන් ප්‍රදේශයේ ඇතැම් ගැස් අලෙවි නියෝජිතයන් ඔහුන්ට හිතවත් ත්‍රිරෝද රියදුරන් කිහිප දෙනෙකු හරහා ඇණවුම ලබාගෙන එම ත්‍රිරෝද රථයේම ගැස් සිලින්ඩරය නිවසටම ප්‍රවාහනය කර ගැස් සිලින්ඩරය සදහා රු 3500 ක් සහ ත්‍රිරෝද රථ කුලිය වෙනම අය කරන බවයි හැටන් ප්‍රදේශයේ ගැස් පාරිභෝගිකයන් කියා සිටින්නේ.

වෙලදපොලේ පවතින ගැස් හිගයත් සමග ලිට්‍රෝ ගැස් අලෙවි නියෝජිතයන් වැඩි ලාභයක් උපයා ගැනිමේ අරමුණින් මෙම ජාවාරම සිදු කරන බවත්, එම අලෙවි නියොජිත වෙලදසැල් ඉදිරිපිට ගැස් නොමැති බවට සදහන් කරමින් අලෙවි නියෝජිත වෙලදසැල වසා දමා වෙනත් ස්ථානයක සිට ගැස් වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවයි පාරිභෝගිකයන් වැඩි දුරටත් කියා සිටියේ.

 

No comments

Ads Place