Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්ධන මිල වැඩි කිරීම හෝ බදු අය කිරීම අනිවාර්යයි..ඩීසල් ලීටරයකින් පාඩුව රුපියල් 30ක්

ඉන්ධන සඳහා අය කරන බදු මුදල් අඩු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන ලද බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. මිල වැ...

ඉන්ධන සඳහා අය කරන බදු මුදල් අඩු කිරීම සඳහා මුදල් අමාත්‍යවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කරන ලද බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

මිල වැඩි කිරීමක් සිදු නොකරන්නේ නම් ඉන්ධන සඳහා අය කරන බදු මුදල අඩු කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවද ඔහු පැවසීය.

පසුගිය මාස 10ක කාලයේදී පමණක් තෙල් සංස්ථාව රුපියල් කෝටි 7000 ක පමණ පාඩුවක් ලබා තිබේ.

සංස්ථාව ප‍්‍රධාන බැංකු දෙකට රුපියල් කෝටි සියයකට ආසන්න ණය මුදලක්ද ගෙවීමට ඇත.

මේ වනවිට ඩීසල් ලීටරයකින් රුපියල් 30 ට වැඩි පාඩුවක් සංස්ථාව ලබමින් සිටින බව ද සංස්ථාව කියා සිටී.

කෙසේ වෙතත් ගත වූ මාසයකට වැඩි කලයේදී ලෝක වෙලදපලේ බොරතෙල් මිල විශාල වශයෙන් පහල බැස ඇති අතර බැරලයක් පවතින්නේ ඩොලර් 70ට පහලිනි.

 

No comments

Ads Place