හුවමාරු පහසුකම යටතේ බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන දෙසීයක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කර කිරීමට ...
හුවමාරු පහසුකම යටතේ බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ඩොලර් මිලියන දෙසීයක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය තවත් මාස තුනකින් දීර්ඝ කර කිරීමට කටයුතු කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම කාලය දීර්ඝ කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීමක් අනුව බවයි.
බංග්ලාදේශය විසින් මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දුන්නේ විදේශ සංචිත පහළ බැසීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව යි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ අද වන විට මෙරට ඇමරිකානු ඩොලර් සංචිතය බිලියන 3.1 දක්වා ඉහල ගොස් ඇති බවයි.
2001 වසර අවසානය දක්වා මෙම තත්වය වෙනස් නොවන බව ද ඔහු තම ට්විටර් ගිණුම ඔස්සේ සඳහන් කර ඇත.
ඩොලර් බිලියන 1.5 ක ණය හුවමරුවක් හේතුවෙන් මෙසේ සංචිත ඉහළ ගොස් තිබේ
No comments