Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහ බැංකුව ඩොලර් දෙන්න බෑ කියයි..අත්‍යාවශ්‍ය ආහාර කන්ටේනර් 1500ක් හිර වෙයි

ණයවර ලිපි සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කරනට එන එක්දහස් පන්සියයක් පමණ නිදහස් කරගැනීමට මේ මොහොත...

ණයවර ලිපි සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත කරනට එන එක්දහස් පන්සියයක් පමණ නිදහස් කරගැනීමට මේ මොහොතේ ඩොලර් නිකුත් කළ නොහැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දී තිබේ.

වෙළඳ අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමකට මෙම ප්‍රතිචාරය දක්වා ඇතැයි එහි ආරංචි මාර්ග කියා සිටී.

මෙම කන්ටේනර තොගය නිදහස් කරගැනීමට ඩොලර් කෝටි දෙකහමාරක පමණ ප්‍රමාණයෙන් ලබන මස මැද දී පමණ ලබාදිය හැකි බවද මහ බැංකුව විසින් දැනුම් දී තිබේ.

මීට සති දෙකකට පමණ පෙර වෙළෙඳ අමාත්‍යාංශය විසින් මහ බැංකුවෙන් මෙම ඉල්ලීම ලිඛිතව සිදුකර තිබිණි.

අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන කරුවන් වෙලද ඇමැති බන්දුල ගුණවර්ධන මහතා හමුවී කළ ඉල්ලීමක් අනුව මෙම ඉල්ලීම සිදුකර තිබිණි.

මේ අතර වාර්තා වන්නේ එළඹෙන මාසයේ ගෙවීමට ඇති ඩොලර් කෝටි 50ක විදේශ ණය ගෙවීමට මහ බැංකුව ප්‍රමුඛතාව දී කටයුතු කරන නිසා සෙසු කටයුතුවලට ඩොලර් නිදහස් කිරීම සීමා කර ඇති බවයි.

 

No comments

Ads Place