Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුරුත්තෙට්ටු හිමි වෘත්තීය සමීති නායකයෙක් විතරයි..කොළඹ සරසවියේ කුලපති කරන්න අධ්‍යාපනයක් නෑ..-GMOA

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ග...

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කිරීම පිළිබඳව දැඩි අප්‍රසාදය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා ඇත.

අන්තර්ජාතික පිළිබඳ පිළිගැනීමක් සහිත කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති පදවිය උසස් අධ්‍යාපනයේ ප්‍රෞඪත්වය විදහා දක්වන දක්වන එකක් බව ද එම ලිපියේ සඳහන් වේ.

අන්තර්ජාතික පොදු සම්මතයන්ට අනුව විශ්ව විද්‍යාලයක කුලපති පදවිය දරන පුද්ගලයා විශ්වවිද්‍යාලයේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් වගකීම් පහක් දැරිය යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

ආනන්ද හිමියන් සඳහා වෘත්තීය සමිති නායකත්වය යන සුදුසුකම හැරුණුකොට විශ්වවිද්‍යාල කුලපති තනතුරක් දැරීම සඳහා අවශ්‍ය සුදුසුකම් නැතැයි ද ඔවුන් අවධාරණය කරයි.

ඒ අනුව ආනන්ද හිමියන්ට ලබාදී ඇති තනතුර පිළිබඳව නැවතත් සලකා බලා උන්වහන්සේට වෙනත් සුදුසු තනතුරක් ලබා දෙන්නැයිද සංගමය සිය ලිපිය මගින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

 

No comments

Ads Place