Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කතෝලික පල්ලියකට ප්‍රහාරයක්..

යාපනය කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයකට අද (29) අලුයම් කාලයේදී පුද්ගලයෙකු පහරදීමෙන් හානි සිදුවීම නිසා පහරදීම සිදුකල පුද්ගලයා අත්අඩංගුව...

යාපනය කොටුව ආසන්නයේ පිහිටි කිතුණු දේවස්ථානයකට අද (29) අලුයම් කාලයේදී පුද්ගලයෙකු පහරදීමෙන් හානි සිදුවීම නිසා පහරදීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගත් බවට යාපනය පොලීසිය පවසයි.

යාපනය කොටුව ආසන්නයේ පිහිටි අදාල කිතුනු දේවස්ථානයට අද අලුයම 3.30 ට පමණ පුද්ගලයෙකු ඇතුලු වී එහි දේව ප්‍රතිමාව ආරක්ෂිත කුටියට පහරදීමෙන් එම කුටියට හානි සිදුව ඇති අතර පසුව එහි දේපලවලටද හානි කොට ඇත.

අනතුරුව එහි පූජකවරයෙකු විසින් ඒ පිළිබඳව යාපනය පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට පැමිණ පහරදීම සිදුකල පුද්ගලයා අත්අඩංගුවට ගෙන අති අතර එම පුද්ගලයා අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී මත්පැන් පානය කොට තිබීමෙන් කිසියම් මානසික ආතතියකින් මෙම පහර දීම සිදුකලෙ යැයි සැක පල කරන බවටද පරික්ෂණ සිදුකරන යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.

 

No comments

Ads Place