Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බොරතෙල් නෑ.. සපුගස්කන්ද වසා දැම්මා..- බලශක්ති ඇමති මාධ්‍ය හමුවක..

අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි. කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට...



අද සිට දින 50 ක කාලයකට සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමට තීරණය කල බව බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.


කෙසේ වෙතත් ඉන්ධන සැපයුමට ඉන් බාධාවක් නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.


කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.


බොරතෙල් ආනයනය අත්හිටුවීමෙන් ඉතිරි වන විදේශ විනිමය අත්‍යවශ්‍ය භාණ්ඩ වන පෙට්ට්‍රල් ඩීසල්, ඖෂධ, අත්‍යවශ්‍ය ආහාර, ගෑස් ආනයනය සඳහා යොදවන බවද අමාත්‍යවරයා එහිදී පැවසීය.


මේ හේතුවෙන් මෙරට ඉන්ධන හිගයක් ඇති වීමේ කිසිදු අවදානමක් නැතැයිද ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය

No comments

Ads Place