Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පැණි වරකෙට හෙන ගහයි: වාසු - ගම්මන්පිල කැබිනට්ටුවේදී හැප්පෙයි

වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අතර පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මත ගැටුමක් ඇති වූ බවයි කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන...



වාසුදේව නානයක්කාර හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් අතර පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී මත ගැටුමක් ඇති වූ බවයි කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


ඒ ඩොලර් නොමැතිකම මත උද්ගතව තිබෙන ආර්ථික අර්බුදයට එක් විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යා යුතු බවට ගම්මන්පිල අමාත්‍යවරයා කළ යෝජනාවක් මුල්කරගෙන.


දණ ගාගෙන යාම


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දැන්ම ගියොත් දණ ගාගෙන යා හැකි බවයි ගම්මන්පිල අමාත්‍යවරයා එහිදී අවධාරණය කර තිබෙන්නේ.


එහෙත් ආර්ථික අර්බුදය තවත් උග්‍ර වීමට බලා සිට ජාත්‍යන්තර අරමුදල වෙත යාමට තීරණය කළහොත් එසේ යාමට සිදුවන්නේ බඩගාගෙන බවටත් ගම්මන්පිල අමාත්‍යවරයා කරුණු දක්වා තිබෙනවා.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහාය පතා යෑමේ ගම්මන්පිල අමාත්‍යවරයාගේ යෝජනාවට වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා තදින්ම විරුද්ධ වී ඇති බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.


වාසුගේ සහයට බන්දුලත්


එහිදී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාද වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාගේ සහායට පැමිණ ඇති අතර ඔහු එහිදී සඳහන් කර තිබෙන්නේ උපකාර පතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියහොත් ඔවුන් පණ වන කොන්දේසි වලට යටත් වීමට සිදු වන බවත් ඒ කොන්දේසි ක්‍රියාත්මක කර ජනතාව අතරට කෙසේවත් යාමට නොහැකි බවත්ය.


ගම්මන්පිල අමාත්‍යවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ආධාර පතා යෑමේ යෝජනාව ඉදිරිපත් කොට තිබෙන්නේ ඩොලර් නොමැතිකම මත තමාට බලශක්ති විෂය භාර අමාත්‍යවරයා ලෙස ඉතා නුදුරේම තෙල් ගෙන්වීමට නොහැකි බව සඳහන් කරමින් ඊට විසඳුමක් ලෙසයි.


ගම්මන්පිල හා නානයක්කාර යන අමාත්‍යවරුන් දෙපළ ආණ්ඩුව තුළ සිටින සන්ධානගත පක්ෂ 11ක සන්ධානය නියෝජනය කරන ඉතා කිට්ටු ඇමති දෙපලක්.

No comments

Ads Place