Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප්‍රහාරයට දවස් දෙකකට කලින් ගැලණිගමදී අල්ලපු ලොරි මොනවාද? හරීන් වීරසේකරගෙන් අසයි!

සහාරන් සිය නිවසේ දී බුද්ධි නිලධාරීන් හම්බවුණා කියලා සහාරාන්ගේ නෝනා කියලා තියනවා. ඇය දැන් ජිවතුන් අතර ද කියලා අප දන්නෙ නෑ… යක්ෂ බන්ධනලු…. සත්...




සහාරන් සිය නිවසේ දී බුද්ධි නිලධාරීන් හම්බවුණා කියලා සහාරාන්ගේ නෝනා කියලා තියනවා. ඇය දැන් ජිවතුන් අතර ද කියලා අප දන්නෙ නෑ…

යක්ෂ බන්ධනලු…. සත්‍යය ඉදිරියේ මොන අක්කටවත් කිසිම දෙයක් අඹරන්න බැහැ. වීරසේකර මහත්තයො…


පාස්කු ප්‍රහාරය සිදුවීමට දින දෙකකට පෙර එනම් 2019 අප්‍රියෙල් 19 වැනිදා ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුමේ දී අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ තිබුණේ මොනවාද, එම ලොරි රථ නිදහස් කිරීමට බලපෑම් කළ පොලිස් නිලධාරියා කවුද සහ එම වාහන අයිති කාටදැයි පාර්ලිමේන්තුවේ හෙළි කරන ලෙසත් පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රියෙල් 21 වැනිදා පාසිකුඩා මාළු මාළු හෝටලයේ සැප ගත් පොලිස් ප්‍රධානියා කවුදැයි හෙළි කරන ලෙසත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු   අද (09)  පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂා ව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකරට  අභියෝග කළේය.


හෘද සැත්කමකට ලක් වීමෙන් පසුව විවේකීව සිටි හරීන් ප්‍රනාන්දු  තමන් අද දින 40කට පසුව පාර්ලිමේන්තුවට පැමිණි බව සඳහන් කළ අතර තමන්ට සුවය පැතූවන්ට සිය ස්තූතිය ද පළ කළේය.


තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා  මෙසේ  පැවසීය.


“මා කළ විවේචචනය මොන වගේ ද කියල අද පැහැදිළිව පේනෙනවා. එදා සිටම අපේ  විවේචනය එකයි. අද  සිරිල් ගාමිණී පියතුමාට විරුද්ධව   බුද්ධි අංශ ප්‍රධානී සී.අයි.ඩියට   ගිහින් කියනවා තමන්ට දාන චෝදනාව  ඉල්ලා අස් කර ගන්න කියල. නමුත්කරන්න ඕන ඒක නෙවෙයි. මේ කරන චෝදනා බොරු කියල ඔප්පු කරන එක.“


 

“පාස්කු ප්‍රහාරය සිදුවීමට දින දෙකකට පෙර එනම් 2019 අප්‍රියෙල් 19 වැනිදා ගැලණිගම අධිවේගී මාර්ග පිවිසුමේදී අත්අඩංගුවට ගත් ලොරි රථ දෙකේ තිබුණේ මොනවාද එම ලොරි රථ නිදහස් කිරීමට බලපෑම් කළ පොලිස් නිලධාරියා කවුද සහ එම වාහන අයිති කාටදැයි පාර්ලිමේන්තුවේ හෙළි කරන ලෙස  ලෙස මම සරත් වීරසේකර ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.“


“පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රියෙල් 21 වැනිදා පාසිකුඩා මාලු මාලු හෝටලයේ සැප ගත් පොලිස්   ප්‍රධානියා කවුදැයි පුළුවන් නම් පාර්ලිමේන්තුවට හෙළි කරන්න.“


“අද  සහරාන්ගේ නෝනා  ජීවතුන් අතර ඉන්නවද නැද්ද දන්නේ නෑ. සහරාන් ගේ නෝනා කරපු ප්‍රකාශය ඉදිරිපත් කරන්න. පුළුවන් නම් අපේ   පාර්ලිමේන්තුවට පරීක්ෂණ කොමිෂන් වාර්තාව කියවන්න.   මේ සම්බන්ධයෙන් ජනාධිපති  සහරාන්ගේ බිරිය වන   ෆාතිමා සාදියා කියල තිබෙනවා    ලංකාවේ බුද්ධි අංශ නිලධාරීන් සහරාන් ගේ ගෙදරදි ඔහුව හමුවුණා කියලා.“


“මම මීට පෙර පසුගිය අප්‍රේල්  22 වැනිදාත් පාර්ලිමේන්තුවේ කතා කළා. ඊට පසුවත් කතා කළා. දෙවරම මම අසනීප වුණා. ඔක්තෝබර් මාසේ පැය නවය හමාරක සැත්කමක් කරන්න වුණා. කට්ටිය මට කීවේ යක්ෂ බන්ධනයක් කියල.“


“නමුත් මොන බන්ධනයකටත් වඩා මට මම අදහන දෙවියන් බලගතුයි. සත්‍යය ඉදිරියේ මොන අක්කටවත් කිසිම දෙයක් අඹරන්න බැහැ. “ යයිද සඳහන් කළේය.

No comments

Ads Place