Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර නැව ආපහු ගෙනියන්න කොන්දේසි දමයි..නැව් ගාස්තුත් ඉල්ලයි

චීන පොහොර නැව මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් නාවික සැතපුම් 12 ක වපසරියට මායිම්ව කළුතරට නුදුරු ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුර...

චීන පොහොර නැව මේ වනවිට ශ්‍රී ලංකාවේ අධිකරණ බල ප්‍රදේශයට අයත් නාවික සැතපුම් 12 ක වපසරියට මායිම්ව කළුතරට නුදුරු ශ්‍රී ලංකා මුහුදු තීරයේ නැංගුරම්ලා තිබේ.

මේ අතර අදාළ පොහොර තොගයේ ආනයනකරුවන් වන රජයේ පොහොර සමාගම් පැවසුවේ නැව ආපසු රැගෙන යාම සඳහා චින්දාවෝ සී වින්ග් බයෝටෙක් සමාගම රජයට කොන්දේසී කිහිපයක් ඉදිරිපත් කර ඇති බවයි.

නැව ආපසු රැගෙන යාමට හේතුව ලෙස ශාක නිරෝධායන සේවයේ අනුමැතියකින් තොරව පැමිණිම පමණක් බවට මාධ්‍ය වෙත ප්‍රකාශයක් කිරීම ඒ අතර ප්‍රධාන ඉල්ලීමකි.

නැව රැගෙන ගොස් ආපසු පැමිණිම සඳහාත් ප්‍රමාද වූ දින ගණන සඳහාත් අලාභය ගෙවිය යුතු බවට ද චින සමාගම කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී කෘෂිකර්ම අමාත්‍යාංශය අවධාරණය කළේ, නැවට කිසිදු ගාස්තුවක් නොගෙවන බවයි.

ඇනවුම් නොකළ භාණඩයක් සඳහා කිසිදු මුදලක් ගෙවීමට නීතීමය බැඳීමක් නැතැයි අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

 

No comments

Ads Place