Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත්කරණයේ දී ලංකාව ජපානයටත් වඩා ඉදිරියෙන්..කොරෝනා වලින් මැරුනත් ඔක්සිජන් නැතුව මැරෙන්නේ නෑ...

2024 වන විට මේ රටේ ජනතාවගෙන් 90‍්% කට පානීය ජලය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. රාජ්‍ය අමාත්‍...

2024 වන විට මේ රටේ ජනතාවගෙන් 90‍්% කට පානීය ජලය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා’ යයි රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ගම්පහ දිස්ත‍්‍රිකයේ ජනතාවගේ පානීය ජල ගැටලූවට විසදුම් ලබා දීම අරමුණු කර ගනිමින් ‘ගම්පහ යක්කල වීදියවත්ත ජල පිරිපහදු මධ්‍යස්ථානය‘ වැඩිදියුණු කිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ‘සැමට ජලය’ සංකල්පය යථාර්තයක් කරමින් ක‍්‍රියාත්මක වන මෙම වැඩසටහන ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ උපදේශකත්වයෙන් ක‍්‍රියාත්මක වේ. පිරිසිදු පානීය ජලය නොමැති වීම නිසා ජනතාව මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව ඉතා සංවේදීව ක‍්‍රියා කරන රජයක් වශයෙන්, රට පුරා සියලූ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමට මේ වන විට කටයුතු කරමින් සිටී. ඒ අනුව මෙම වැඩසටහන යටතේ නව ජල සම්බන්ධතා 3000ක් ලබා දීමට කටයුතු කරනු ලබන අතර දෛනික පිරිපහදු ප‍්‍රමාණය ඝන මීටර් 2000 දක්වා ඉහළ දැමීමද සිදු කිරීමට අපේක්ෂා කර තිබේ.

එහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා,

”අපි අමාරු කාලයක් ගෙවනවා. මෙම අමාරු කාලය ගෙවන විට අපි සියලූ දේ අමතක කරලා හිතන්න මේ සියල්ල වැරදියට යන්නේ මේක හරියන්නේ නැහැ. ආණ්ඩුව වෙනස් කරන්න ඕනේ කියලා. මොකද අපි අමතක කරන්න හොඳ නැහැ අපට ලැබුණ දේවල් මොනවද කියලා. අපි ලැබුණ දේවල් බොහොම ඉක්මනට අමතක කරන ජාතියක්නේ. ලැබුණ දේ අමතක කරලා තිබෙන ප‍්‍රශ්න ගැන කතා කරලා දොස් නගන්න පටන් ගන්නවා ආණ්ඩුවට. 2009 අපට තිබූ ප‍්‍රශ්නය මොකද්ද? 2009 වන තුරුම අපට තිබූ ප‍්‍රශ්නය මේ රටේ යුද්ධයනේ. අපි ඊට කලින් ඉල්ලූවේ ජාතික ආරක්ෂාව. මහින්ද රාජපක්ෂ මහත්මයා ජාතික ආරක්ෂාව ලබාදුන්නා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ අගය නැතිව ගියා. හැබැයි ආයිමත් 2019 වන විට පාස්කු ඉරිදා ප‍්‍රශ්නය ඇවිල්ලා බෝම්බ පුපුරන්න පටන් ගත්තහම ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රශ්නය ආවා.

ඒ වගේ අදත් අපි අමතක කරන්න එපා අපිට තිබෙන දේවල් මොනවද, අපිට ලැබුණු දේවල් මොනවද කියලා. පසුගිය අවුරුදු දෙකේ මේ රටේ මිනිස්සු මැරෙන්න පටන් ගත්තහම කොරෝනාවලින්. මේ රජය මොනතරම් සාර්ථකව එය කළමනාකරණය කළාද කියලා. අපි ලෝකයේ අනෙක් රටවල් සමග සංසන්ධනය කරලා බලන විට අපේ රට ලෝකයේ එන්නත්කරණය කිරීම අතින් සාර්ථක රටක්. සමස්ථ ජනතාවගෙන් 80% ක් එන්නත්කරණය කරලා, දැන් තුන්වන පාරත් එන්නත්කරණය කරන්න පටන් අරගෙන තිබෙනවා. ජපානේ වගේ දියුණු රටකත් මාස අටක් පොරොත්තු ලේඛනයේ ඉන්න ඕනෙ ඉන්ජෙක්ෂන් එක ගන්න. අපේ රටේ අපි බලෙන් ගිහින් මිනිස්සුන්ට ඉන්ජෙක්ෂන් දුන්නේ. දැන් මාස හත අටකට කලින් ඉන්දියාවේ රෝහල්වල ඔක්සිජන් නැතිව මිනිස්සු දහස් ගණන් මැරුණා. අපේ රටෙත් මරණ සිදුවුණා තමයි හැබැයි ඉස්පිරිතාලවල ඔක්සිජන් නැතිව කවුරුත් මැරුණේ නැහැ. අපි ඒ ප‍්‍රශ්නය බොහොම කලින් සැලසුම්කරලා විසඳගත්තා. කොරෝනා නිසා අසනීප වූ හැම කෙනෙකුටම රජය නොමිලේ බෙහෙත් දුන්නා. නිරෝධායනය වන හැම ගෙදරකටම නොමිලේ සහන මල්ලක් දුන්නා රුපියල් දහදහසක. ඒ ආණ්ඩුව නොතිබුණා නම් ඒවා මොනවත් වෙන්නේ නැහැ. පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන කොච්චර වාර්තා කලින් දීලද ඒක වලක්වා ගන්න බැරි උනේ ගිය රජයට. හිතලා බලන්න ඒ වගේ රජයක් මේ කොරෝනා ප‍්‍රශ්නය වෙලාවේ මේ රටේ තිබුණා නම්. අද අපි කතා කරන්නේ බඩුමිල ගැන නෙමෙයි. කොහොමද මේ කොරෝනා ප‍්‍රශ්නයෙන් ගැලවෙන්නේ කියලා. ඒක තමයි අපි කියන්නේ අපි කරන දේවල්වල හොඳ පැත්තත් පොඞ්ඩක් බලමු නරක පැත්තම බලන්නේ නැතිව.

අපට හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නවා. රටට ආදරය කරන අගමැති කෙනෙක් ඉන්නවා. රට ජාතියට ආදරය කරන පිරිසක් අද දේශපාලනයේ ඉන්නවා. ඒ නිසා අපි එකට එකතුවෙලා මේ අර්බුදයෙන් ගොඩ එමු. අද මේ සිදු කරන පානිය ජලය ලබාදෙන වැඩපිළිවෙල මගින් අලූතෙන් ජල සැපයුම් 3000 ක් මේ ප‍්‍රදේශයට දෙන්න සැලසුම් කර තිබෙනවා. මේවා නේද ජනතාවට දේවල්. ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරවල් මගින් කිහිප තැනකට ගිහින් ඇවිත් මට කිව්වා, ‘නාලක මම යන යන තැන මිනිස්සු ඉල්ලන්නේ කාරණා දෙකයි. මිනිස්සු ඉල්ලන්නේ පාරවල් සහ වතුර, ඔවුන්ට තව ප‍්‍රශ්න තිබෙන්න ඇති. හැබැයි වැඩිපුරම ඉල්ලූවේ පාරවල් සහ වතුර. ඒ දෙකටම පසුගිය වසර දෙකේ මොනතරම් අවධානය යොමුකර තිබෙනවා ද කියා බලන්න. මාර්ග කිලෝමීටර් ලක්ෂයක් ඉදිකිරීමේ වැඩ පටන් අරගෙන තිබෙනවා. මේ වසරේ කි.මි. 18,000 ක විතර වැඩ පටන් ගත්තා. සෑහෙන ප‍්‍රමාණයක් අවසන් වෙලා තිබෙනවා. ගම්පහ පාරවල් බොහොම සුළු ප‍්‍රමාණයයි ඉතිරිවෙලා තිබෙන්නේ කරන්න. ඉදිරි වසර දෙක තුන යනවිට මුළු රටම සම්බන්ධීකරණය වෙනවා මේ පාරවල් හරහා. පාරවල් හැදුනාහම මාර්ගවලට ගතවන කාලය අඩු වෙනවා. මධ්‍යම, රත්නපුර, දඹුල්ල අධිවේගී මාර්ග හැදෙනවා. මේ මුළු රටම සංවර්ධනය වෙනවා. ඒවයේ ප‍්‍රතිඵල අවසානයේදී ලැබෙන්නේ මිනිස්සුන්ට.

ජනාධිපතිතුමා බලයට එනවිට පානීය ජලය මේ රටේ තිබුණේ 45 % කට විතරයි. මේ වසර 2 ඇතුළත පානීය ජලය 10% ක් ලබාදීලා තිබෙනවා. මේ සැරේ අයවැය කියවනවිට බැසිල් රාජපක්ෂ මැතිතුමා කිව්වා 2024 වන විට මේ රටේ ජනතාවගෙන් 90% කට පානීය ජලය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා කියලා. ජනතාවට අවශ්‍ය දේවල් නෙමෙයිද මේ කෙරෙමින් තිබෙන්නේ. ඒ දිහා බලලා ඒවා අගය කරන්න අපි පුරුදුවෙන්න ඕනේ.

පසුගිය දිනවල ගොඩක් කතා කරා කින්නියාවේ පාලම් පාරුවකින් දරුවෝ හතර දෙනෙකුයි වැඩිහිටියෝ දෙන්නෙකුයි මැරුණු එක සම්බන්ධව. එම පවුල්වලට අපි කණගාටුව ප‍්‍රකාශ කරනවා. අමතක කරන්න එපා උතුරු නැගෙනහිර යුද්දෙ ඉවර වෙනකොට මොන පාලමද තිබුණේ. කින්නියාවේ දිග පාලමේ සිට පාලම් 18 ක් පමණ විශාල පරිමාණයේ පාලම් හැදුවා. පසුගිය කාලයේ පාලම් දහස් ගණනක් හැදුවා. මේ අවුරුද්ද ආවට පස්සේ පාලම් දස දහසක් හැදීමේ වැඩපිළිවෙල පටන් ගෙන තිබෙනවා. මේවා ජනතාව වෙනුවෙන් කෙරෙමින් පවතිනවා. මා නැවතත් ඔබට කියනවා අපට ලැබිච්ච දේ ගැන අපි අගය කරමු. අපි ඉදිරිය ගැන විශ්වාසය තබාගමු යැයි පැවසීය.

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍ය ගරු ප‍්‍රසන්න රණතුංග මැතිතුමා ගම්පහ නගරාධිපති එරංග සේනානායක මැතිතුමා ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් හා රාජ්‍ය නිළධාරීන් පිරිසක්ද සහභාගී විය

 

No comments

Ads Place