Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පොහොර ගේනවා..දෙසැම්බරයේ තොග එනවා..ජනපති අවසර දුන්නා..-රාජ්‍ය අමාත්‍ය ජානක

‘දැන් ලංකාවේ තිබුනු පොහොර ටික බෙදනවා. ලබන මාසේ මුල් මාස දෙක ඇතුලත අවශ්‍ය කරන පොහොර ටික  මේ රටට එනවා. ඒ එක්කම අනෙකුත් බෝග වගා කරන අයට කෘෂිකර්...

‘දැන් ලංකාවේ තිබුනු පොහොර ටික බෙදනවා. ලබන මාසේ මුල් මාස දෙක ඇතුලත අවශ්‍ය කරන පොහොර ටික  මේ රටට එනවා. ඒ එක්කම අනෙකුත් බෝග වගා කරන අයට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් තුමා පණිවිඩයක් දුන්නා. ඒක වැරදි විදියට යම් යම් අය උපයෝගි කරගෙන තියෙනවා. ඒකෙන් කියන්නේ තුන්වැනි පන්තියේ සහ 4 වැනි පන්තියේ පොහොර මේ රටට ආනයනය කරන්න අවසර ලබල දෙන්න කියල. කාබනික පොහොර වලට යනකම් ගොවියාගේ ප්‍රශ්නය විසදන්න රජය මැදිහත් උනා. දැන් කියනවා ඔන්න හකුල ගත්ත කියනවා. වැඩේ කරනකොට හකුලගත්ත කියනවා.හැබැයි අපි සහණාධාරය දෙන්නේ කාබනික වගාවට. මේ රටේ ජනාධිපතිතුමා ජනතාවට කිව්ව දෙයක් තමයි ගොවියාට උදව් කරනව කියන දේ’ යයි කුඩා වැවිලිබෝග අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුමුර මහතා කීය.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පල කර සිටියේ පල්ලෙබැද්ද ප්‍රදේශයේ පැවැති අපනයන ගම්මාන පිහිටුවීමේ වැඩසටහනට එකතුවෙමිනි. මෙම අවස්ථව සදහා රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා සොයිසා මහත්මියද සහභාගී විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වන ලද රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

‘දැන් තියෙන ප්‍රශ්නය ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නය. මම බඩ ඉරිගු සම්බන්ධව ඉන්න ඇමතිවරයා. මේ බඩ ඉරිගු ගොවියාගේ ප්‍රශ්නය අතිගරු ජනාධිපතිතුමාට කියල යූරියා මෙට්ට්‍රික් ටොන් 5000ක් බඩ ඉරිගු වගා කරන ගොවියාට ලබා දුන්නා. ඒ ගොවීන් දැන් ගොවිතැන කරනව. කුඩා තේ වතු හිමියන්ට ප්‍රශ්නයක් තිබුනා.කුඩා තේවතු හිමියන්ට පොහොර ටික ගේන්න ජනාධිපතිතුමා අවසරය දුන්නා.

අද බොරුව රජකරන යුගයක් බවට පත්වෙලා තියෙනවා. අපේ රටේ ඩොලර් හිගයි අපි ඒක හංගන්නේ නැහැ. අපි අපේ රට ගොඩගන්න ඕන. ඒක පක්ෂ පාට ජාති ආගම් භේද නැතිව අපි ඔක්කොම එකතුවෙලා කටයුතු කලයුතුයි.

තව අවුරුදු තුනක් තියෙනව. දැන් අවුරුදු දෙකක් ගෙවුනා. යහපාලනයේ හිටිය අයයි තව කණ්ඩායමකුයි බලන් ඉන්නවා එලුව පස්සේ ගියා වගෙයි දැන් වැටෙයි දැන් වැටෙයි කියල කිය කිය යනවා. අපි කියනවා බලන් ඉන්න රටේ ජනතාවගේ ප්‍රශ්න විසදල මේ ජනාධිපතිතුමාම ඊලග ඡන්දයට ගෙනත් ඊලග පාරත් ජනාධිපති කරනව. මේ ආණ්ඩුව අපි හැදුවේ හරි අමාරුවෙන් තමුන්නාන්සේලා අපි කවුරුත් එකතුවෙලා.

ලක්ෂ දොලොස් දහසක පැල මේ රටේ ජනතාවට මේ වර්ෂයේදී ලබාදෙනවා. ජනාධිපතිතුමා කියල තියෙන්නේ වගා කරන අයට උදව් කරන්න කියල. මේ බෝග වැව්වාම රටට ආධායමක්. ඩොලර් අපේ රටට ආව‍ෙ නැහැ පසුගිය ආණ්ඩු කාලේ මේ අපනයන බෝග සංවර්ධනයක් වුනේ නැහැ. අපනයන ආධායම වැඩි කලොත් විතරමයි අපේ රටට පිටින් බඩු ගේන්න පුලුවන් වෙන්නේ’

 

No comments

Ads Place