Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වගාවන්ට රසායන පොහොර දෙන්න තීරණය කරයි.වැස්සෙන් කාබනික හේදිලාලු

ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාබනික පොහොර සේදීගිය වගාවන්ට රසායනික පොහොර ලබාදීමට රජය තීරණය කර ඇත. කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ සඳහා...

ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් කාබනික පොහොර සේදීගිය වගාවන්ට රසායනික පොහොර ලබාදීමට රජය තීරණය කර ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ සඳහා දැනට දැනට රට තුළ ඉතිරිව ඇති රසායනික පොහොර භාවිතා කිරීමට නියමිත බවයි.

බදුල්ල බණ්ඩාරවෙල නුවරඑළිය ආදී ප්‍රදේශ වලට ඇද ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් ගොවීන් ගොවිබිම්වලට පාවිච්චි කළ කාබනික පොහොර සෝදා ගොස් ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද පිළිගෙන ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඒ අනුව හදිසි ක්‍රියාමාර්ග නොගතහොත් එළවළු මිල සීග්‍රයෙන් ඉහළ යනු ඇති බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා අනතුරු අඟවා ඇත.

දැනට රට තුළ ඇති පොහොර සහ කෘෂි රසායන පිළිබඳ වාර්තාවක් සකස් කිරීමටද උපදෙස් ලබා දී ඇත.

 

No comments

Ads Place