Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනපතිවත් ඇන්දු කාබනික ගොවි රජා.. රසායනික පොහොර ගෝනි ගණන් දාද්දි මාට්ටු

  තමන් වයස අවුරුදු දහසයේ සිට කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හමුවේ ප්‍රකාශ කළ ගොවි නායකයෙකු රසායනික ...

 



තමන් වයස අවුරුදු දහසයේ සිට කාබනික පොහොර භාවිතයෙන් ගොවිතැන් කරන බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හමුවේ ප්‍රකාශ කළ ගොවි නායකයෙකු රසායනික පොහොර තම වගාවට යොදන ආකාරය ගොවීන් පිරිසක් විසින් හෙළිදරව් කර ඇත.


අනුරාධපුර ඇතුළු සමස්ත සුළු වාරිමාර්ග නියෝජනය කරන සමස්ත ලංකා ගොවිජන බල මණ්ඩලයේ සභාපතිවරයාගේ බඩඉරිඟු වගාවට රසායනික පොහොර යොදමින් සිටි ආකාරය එම ගොවි පිරිස විසින් හෙළිදරව් කරන ලදී.


මෙම සභාපති වරයා කාබනික පොහොර භාවිතයෙන් තම වගාව සිදුකරන අයුරු සොයා බැලීමට ගොවි පිරිස ගිය යන අවස්ථාවේ එම වගාවට රසායනික පොහොර යොදමින් සිටි අයුරු දක්නට ලැබී තිබිණි.


අදාල සභාපතිවරයා එහිදී කියා සිටියේ තමන් රසායනික පොහොර අනවශ්‍ය බව නොකියු වත් කාබනික පොහොර හොඳ බව පමණක් පැවසූ බවත්ය.

No comments

Ads Place