Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේක පතෝල අයවැයක්..මින්ස්සු ගහලා පන්නයි..තනතුරු දී මගේ කට වහන්න බෑ..-කොළඹ කුලපති හිමි කියයි

තමන් සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් තනතුරු දී තමන්ගේ කට වැසීමට නොහැකි බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර සිටින පූජ්‍ය මුර...

තමන් සැමවිටම ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවත් තනතුරු දී තමන්ගේ කට වැසීමට නොහැකි බවත් කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති ධුරයට පත්කර සිටින පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ මුදල් ඇමතිතුමා විසින් ඉදිරිපත් කළ අයවැය අසාර්ථක පතෝල අයවැයක් බවත් ජනතාවට ඉන් ලැබුනු දෙයක් නැති බවත්ය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ආනන්ද හිමියෝ කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීමට පෙර සීනි කැටය සිට සියලු අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ දමා තිබූ බවයි.

එමෙන්ම ජනතාවට භාණ්ඩ ලබාගැනීමට පෝලිමේ සිටින්නට සිදු වූ බව ද උන්වහන්සේ සිහිපත් කළහ.

වත්මන් පාලනය යටතේ නැවතත් සිරිමාවෝ යුගයේ තිබුණු පෝලිම් යුගයට රට ගෙන ගොස් ඇති බවද එහිමියන් කියා සිටියහ.

ජනතාවට වසර දෙකක් යාමට පෙර ආණ්ඩුව එපා වී ඇති බවත් මෙහෙම ගියොත් ජනතාව ආණ්ඩුවේ අයට ගමට එන්න නොදී ගහලා පන්නනු ඇති බවත් උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

 

No comments

Ads Place