Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගම්මන්පිල ඇමති ධුරයෙන් ඉවතට..?

පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් හා පාර...

පිවිතුරු හෙළ උරුමයේ නායක බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වෙයි.

යුගදනවි බලාගාරය පිවිසුම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය විසින් ගත් තීන්දුව බලශක්ති අමාත්‍ය ධූරයේ සිටිය දීම දැඩිව විවේචනය කිරීම හා බැසිල් රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම මීට හේතු ලෙස පෙන්වා දී ඇත.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස වී ඇත්තේ ගම්මන්පිල මහතාගේ නායකත්වයෙන් යුතු පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ද ඔහු පමණක් නිසා ඔහු ආණ්ඩුවෙන් ඉවත්ව ගියද ආණ්ඩුවට ගැටලුවක් නොවන බවයි.

මේ සම්බන්ධයෙන් එම පිරිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මුදල් අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර ඇත.

දැනට විදේශගතව සිටින ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම ඔහුට ද ඒ පිළිබඳව දැන්වීමෙන් පසු අවසන් තීරණයක් ගනු ඇතැයි ද ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටියේය

 

No comments

Ads Place