Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“කාබනික සිහිනයේම නිදාගන්න… සුරංගනාවො නොවෙයි… පවන් සලයි දෙවියෝ…“ ආචාර්ය වර්ශි දන්දෙණිය

හොර පාරෙන් රටට එන පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍යය  මෙන්ම පසුගිය කන්නවල ධවනත් වගාකරුවන් විසින් රැස් කරගත් කෘෂි රසායන තවමත් යම් ගොවියන් පිරිසක් භ...




හොර පාරෙන් රටට එන පොහොර හා කෘෂිරසායන ද්‍රව්‍යය  මෙන්ම පසුගිය කන්නවල ධවනත් වගාකරුවන් විසින් රැස් කරගත් කෘෂි රසායන තවමත් යම් ගොවියන් පිරිසක් භාවිතා කරන බවත් එම කෘෂි රසායනික ද්‍රව්‍ය  කලු කඩේ ඉතා ඉහළ මිලට අලෙවි වන බවත්, රජය දැනුම්වත්වම  මේ තත්වය ජනතාවගෙන් වසන් කරන බවත් කෘෂි විද්‍යාපීඨයේ පාංශු විද්‍යා අංශයේ කථිකාචාර්ය ආචාර්ය වර්ශි දන්දෙණිය සිය ෆේස් බුක් ගිනුමේ සටහනක් තබමින් හෙළි කරයි.


රටේ ප්‍රායෝගික කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් විද්‍යාත්මක දත්ත මත පදනම්ව මතවාදී අරගලයක් ගෙන යන විද්වතුන් අතලොස්ස අතර අදහස් ප්‍රකාශනයෙන් වඩාත් ස්වාධීන හා  ඍජු ස්ථාවරයක සිටින ආචාර්ය වර්ශි දන්දෙණිය පෙන්වා දෙන්නේ බලධාරීන් මේ මවමින් ඇත්තේ බිහිසුණු මිත්‍යාවක් බවය.


රටේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය පසෙකට කර එක් රැයින්   කාබනික ගොවිතැනට ගොස් එම ගොවිතැන  සාර්ථකයැයි කියා තවමත් බොරු පූචානම් කියවන අය සාර්ථකත්වය මනින්නේ රටට කෘත්‍රිම ‍රසායනික පොහොර සහ පළිබෝධනාශක ගෙන්වීම තහනම් කළත් වෙළෙඳපොළේ ආහාර බෝග විකිණීමට ඇති බව කියමින් බව පෙන්වා දෙන ඇය අදත් මේ අස්වැන්නෙන් සැලකියුතු ප්‍රතිශතයක් ලැබෙමින් ඇත්තේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් ගොවිතැන් කරන ගොවීන්    පිරිසකගෙන් බවත් පෙන්වා දෙයි.


වෙළෙඳපලේ එළවළු වර්ග 03ක් හැර අනෙක් සෑම එළවළුවක්ම පසුගිය මසට සාපේක්ෂව සියයට 40 සිට 151 දක්වා මිල ඉහළ ගොස් ඇති අන්දම පෙන්වා දෙන ඇය මේ වනවිට වගාකරන වපරිසරිය අඩුවීම, ඉඩම් ඒකකයක ඵලදායිතාව අඩුවීම යන කරුණු නිසා බෝග නිශ්පාදන සැපයුම අඩු වීමෙන් මිළ ගණන් ඉතා ඉහල ගොස් ඇති අයුරු කියයි. පසුගිය මාසයට සාපෙක්ෂව මේ මාසයේ සෑම එළවළුවකම මිල වැඩිවීමේ ප්‍රතිශතය සියයට 63කි.


ආචාර්ය වර්ශි දන්දෙණිය සිය එක් ෆේස් බුක් සටහනක් නිමා කරන්නේ මෙසේය.


“අපි මේ ගැන කලින්ම අනතුරු ඇඟෙවුවා! මේ පටන් ගැන්ම විතරයි…. තව ඔහොම යං….!  ආහාර සුරක්ෂිතතාවයට කිසිම තර්ජනයක් වෙලා නෑ කියලා හීනෙන් කියවන නිලධාරීන් තව හොඳින් පොරවගෙන කාබනික හීනයේ නිදාගන්න….


“සුරංගනාවන් නෙවෙයි දෙවියො පවන් සලයි… දෙවියො

No comments

Ads Place