Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊළග තෙල් නැවට ගෙවන්න ඩොලර් නෑ…

එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීමට සැපයුම් පොරොන්දු ඇතත් ඊට ගෙවීමට ඩොලර් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටප...



එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීමට සැපයුම් පොරොන්දු ඇතත් ඊට ගෙවීමට ඩොලර් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.


සපුගස්කන්ද පිරිපහදුව වසා දමා ඇත්තේ ද අලුත්වැඩියා කටයුතු කරනු සඳහා නොව බොරතෙල් සදහා ගෙවීමට ඩොලර් නොමැති කම නිසා බව ඔහු පැවසීය.


සැපයුම් කරුවන් දැනට ලංසු ඉදිරිපත් නොකරන බවත් ඒ මෙරට ඩොලර් නැතිකම නිසා බවත් මන්ත්‍රීවරයා පවසයි.


සපුගස්කන්ද වසා දැමීමත් සමග ගුවන්යානා තෙල් නතර කිරීමෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැසී යන බවද ඔහු පෙන්වා දෙයි.


දෙසැම්බර් මස අවසන් වෙද්දී නොරොච්චෝල බලාගාරයේ ගල් අගුරු අවසාන වන බවත් එතැන් සිට රටේ මිනිස්සුන්ට කළුවරේ සිටින්නට සිදුවනු ඇති බවත් ඔහු සදහන් කළේය.


පැලවත්තේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී මන්ත්‍රී හිටපු මන්ත්‍රීවරයා මේ අදහස් පල කරන ලදී.

No comments

Ads Place