Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමතිලා පොඩි කෑල්ලක් හොරකම් කරද්දී නිලධාරීන් දහස් ගුණයකින් හොරකම් කරනවා..-රාජ්‍ය අමාත්‍ය දයාසිරි

ඇමතිවරුන් පොඩි කෑල්ලක් හොරකම් කරද්දි ඊට වඩා දහස් ගණන් නිලධාරීන් හොරකම් කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. එම නිලධාරීන්ට එ...

ඇමතිවරුන් පොඩි කෑල්ලක් හොරකම් කරද්දි ඊට වඩා දහස් ගණන් නිලධාරීන් හොරකම් කරන බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එම නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න කෝප් කමිටුවට බලය දෙන්නයි තමන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තුවේ 225ටම බෝම්බ ගහන්න ඕනෑ කියන ජනතාවට කෝප් වාර්තා ටික පරීක්ෂාකර බලන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රේගුව වරාය දී අංශවල නිලධාරීන් විශාල ප්‍රමාණයන්ගෙන් අලාභ සිදු කරමින් ඇති බවත් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි.

දැනට නිකුත් කර ඇති කෝප් හා කෝපා වාර්තා කියවා බැලුවොත් මහජන නියෝජිතයන්ට දොස් පැවරීම පසෙක තබා ජනතාව නිලධාරීන්ට ඉලපතෙන් තලනු ඇති බවද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය

 

No comments

Ads Place