Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගුරු විරෝධතාවට සහභාගි වී සිටියදී ගුරුවරියක මියයයි

මාතර කොටපොළ ජාතික පාසල ඉදිරිපිට අද (09) සවස පැවැත්වූ ගුරු විරෝධතාවයකට සහභාගිවී සිටි ගුරුවරියක් සිහිසුන්ව බිම ඇද වැටීම හේතුවෙන් දෙනියාය මූලික...



මාතර කොටපොළ ජාතික පාසල ඉදිරිපිට අද (09) සවස පැවැත්වූ ගුරු විරෝධතාවයකට සහභාගිවී සිටි ගුරුවරියක් සිහිසුන්ව බිම ඇද වැටීම හේතුවෙන් දෙනියාය මූලික රෝහලට රැගෙන යන අතරතුර දී මියගොස් ඇතැයි වාර්තා වේ.


දෙනියාය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවේ මෙසේ මියගොස් ඇත්තේ දෙනියාය මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සේවය කළ 27 වියේ පසුවන ගුරුවරියක බවත් එම ගුරුවරිය හදවත් සැත්කමකට භාජනයවී සායනික ප්‍රතිකාර ලබමින් සිටි තැනැත්තියක බවයි.


මියගිය ගුරුවරියගේ මෘත ශරීරය දෙණියාය මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බවත් එම මෘත ශරීරය පිළිබඳව ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයක් සිදු කිරීමෙන් අනතුරුව කොරෝනා ආසාදිතයකු බවට තහවුරු නොවුණහොත් හෙට (10 )දින පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.


-කීර්ති ප්‍රනාන්දු

No comments

Ads Place