Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආවා නායකයා තමන් බව කී අරූන් සිද්ධාර්ථන් අපරාධ චෝදනා මත අත් අඩංගුවට…

දිනසේන රතුගමගේ – ”ආවා කණ්ඩායමේ  ” නායකයා තමන් බව කියමින් යාපනයේ දේශපාලන කටයුතු වල නිරත වෙමින් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළ  අරුන් සිද්ධාර...



දිනසේන රතුගමගේ –

”ආවා කණ්ඩායමේ  ” නායකයා තමන් බව කියමින් යාපනයේ දේශපාලන කටයුතු වල නිරත වෙමින් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කළ  අරුන් සිද්ධාර්ථන් නැමැත්තා  යාපනය පොලීසිය විසින් අපරාධ කීපයක් සම්බන්ධයෙන් ඊයේ ( 20 ) දා අත් අඩංගුවට ගෙන තිබේ.


අරුන් සිද්ධාර්ථන්…

මොහුට විරුද්ධව පොලීසියට ලැබී තිබුණු පැමිණිලි මත ඒවා විභාග කොට අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසුව ඔහුව අධිකරණය හමුවට කැඳවන ලෙසට අධිකරණයෙන් නියෝග නිකුත්වී තිබුණද අරුන් සිද්ධාර්ථන් අධිකරණය මග හැරීම නිසා ඔහුට එරෙහිව වරෙන්තුවක්ද නිකුත් කොට තිබුණි.


අනතුරුව ඔහු විසින් සිදු කරන ලද අපරාධ කීපයක් හා යාපනයේ මාධ්‍යවේදිනියකට මරණිය තර්ජන එල්ල කිරීම යන චෝදනා සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලැබිමෙන් පසුව යාපනය පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ.


තමන්ට යම් කිසි බලයක් ලැබුණහොත් යාපනයේ නල්ලූර් කෝවිල කඩා එම ස්ථානයේ පොදු මහජන වැසිකිලියක් ඉදි කරන බවට අරුන් සිද්ධාර්ථන් විසින් ප්‍රසිද්ධියේ කරණ ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නල්ලූර් කෝවිලේ  බාරකාර මණ්ඩලයද පොලීසියට පැමිණිලි ඉදිරිපත් කොට තිබේ.

 

අත් අඩංගුවට ගත් අරුන් සිද්ධාර්ථන් යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

No comments

Ads Place