Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අඬන්න තරම් දුක හිතෙනවා..-රතන හිමි

කාබනික පොහොර වැඩපිළිවෙළ ගැන උදාර අරමුණ දියවී යාම ගැන අඬන්නට තරම් දුක හිෙතන බව අපේ ජන බල පක්ෂය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතු...

කාබනික පොහොර වැඩපිළිවෙළ ගැන උදාර අරමුණ දියවී යාම ගැන අඬන්නට තරම් දුක හිෙතන බව අපේ ජන බල පක්ෂය ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

අරමුණ උදාර වුවද වැරදි තීරණ ගතහොත් එම අරමුණ අවසන් වන්නේ ඛේදවාචකයකින් විය හැකි බවද උන්වහන්සේ පැවසූහ.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැය ශීර්ෂය කාරක සභා අවස්ථාවේ විවාදය ට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කලහ.

කාබනික පොහොර වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමට බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හතළිස් දෙනකු ගේ කමිටුවක් පත් කළ බවත් එම කමිටුව එක දවසක් හෝ රැස් වූයේ දැයි තමා විමසන බවත් උන්වහන්සේ පැවැසූහ.

මෙම කමිටුව සඳහා තමාගේ නම ද යෝජනා කර නොතිබූ බවද පැවසූ රතන හිමියෝ අඩුම තරමින් තීන්දු ගැනීමේදී විශේෂඥ කමිටුවක් පත් කළ යුතුව තිබූ බවද කියා සිටියහ.

 

No comments

Ads Place