Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩී.අයි.ජී කොඩිතුවක්කුට තවත් තුවක්කුවක් පත්තුවෙයි… ලිංගික අපයෝජන චෝදනා ගැන ජනපතිට ලිපියක් !

ඩී.අයි.ජී රන්මල් කොඩිතුවක්කු ගේ වාහනයට සිය වාහනය ඉස්සර කළ තරුණයාට කිරිඇල්ල පොලිසියේ දී නිරුවත් කර පහර දීලා. දණගස්වා ලිංගිකව හිංසනය කර ඡායාරූ...



ඩී.අයි.ජී රන්මල් කොඩිතුවක්කු ගේ වාහනයට සිය වාහනය ඉස්සර කළ තරුණයාට කිරිඇල්ල පොලිසියේ දී නිරුවත් කර පහර දීලා.

දණගස්වා ලිංගිකව හිංසනය කර ඡායාරූපත් අරන්..

පසුගියදා රත්නපුර ප්‍රදේශයේ දී මහ මගදී පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දුන් සබරගමුව පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කුට ලිංගික අපයෝජන චෝදනා ද එල්ල කරමින් මෙරට ප්‍රධාන පෙළේ නීතීඥ සමාගමක් ජනාධිපතිවරයාට ලිපියක් යවා ඇත.


සමාජ ජාලවල වේගයෙන් පැතිරුණු මෙම පහර දීමට ලක්වූ පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටින නීලකන්දන් සහ නීලකන්දන් නීතීඥ සමාගම තම සේවාදායකයා පොලිසියට ගෙන ගොස් නිරුවත් කොට පහර දී ඇති අතර ඊට අමතරව ඡායාරූප ගත කිරීමක්ද සිදු කොට ඇති බවටත්, ඔහු ලිංගිකව හිංසනයට ලක් කර ඇති බවටත් චෝදනා එල්ල කරමින් ඊට එරෙහිව පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  වෙත දන්වා ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි .


තමන් ගමන් ගත් වාහනයට ඉස්සර කිරීම හේතුවෙන් කෝපයට පත්ව ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම වාහනය පැදවූ පුද්ගලයාට පහර දී  තිබේ. කිරිඇල්ල පොලිසියට ගෙන ගොස් ඔහුට නිරුවත් කොට දණ ගස්වා පහර දී ඇති බවට දීර්ඝ ලෙස මෙම ලිපියෙන් විස්තර කර ඇති අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසට ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බව සඳහන් වේ.


හිටපු පොලිස්පතිවරයකු වන ලකී කොඩිතුවක්කු ගේ පුත්‍රයකු වන නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මීට කලින්ද විවිධ ආරවුල් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකි.

 

පසුගියදා සිදුවූ පහර දීමේ සිද්ධියෙන් අනතුරුව ඔහු මේ වනවිට කොළඹ පොලිස් මූලස්ථානයට මාරු කර යවා ඇති අතර ඔහු වෛද්‍ය හා සුබ සාධක සේවා අංශයේ නියෝජ්‍ය පොලස්පතිවරයා ලෙසින් පත් කොට ඇත.

No comments

Ads Place