Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රකාශය දෙන්න අනිවාර්යයෙන් එනවා… හරි දේ හරි වෙලාවට කරන්නම්!… සිරිල් ගාමිණී පියතුමා

සිරිල් ගාමිණී පියතුමා මේ වනවිට සමාජයේ ඇතැම් පාර්ශවවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටිති. රජයේ බුද්ධි ප්‍රධානීන්ව විවේචනය කර ඒ සමබන්ධව පරීක්ෂණ...




සිරිල් ගාමිණී පියතුමා මේ වනවිට සමාජයේ ඇතැම් පාර්ශවවල දැඩි දෝෂ දර්ශනයට ලක්වෙමින් සිටිති. රජයේ බුද්ධි ප්‍රධානීන්ව විවේචනය කර ඒ සමබන්ධව පරීක්ෂණයක් පැවැත්වෙන විට ප්‍රකාශයක් ලබා දීමත් මගහරිමින් වෙනත් න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කරමින් ඇති බව ඔවුහු කියති. මේ සම්බන්ධව සිරිල් ගාමිණි පියතුමා කියන්නේ කුමක් ද? ලංකසර අපි උන්වහන්සේ විමසුවෙමු.

 මේ වනවිට සමාජයේ යම් පිරිසක් ඔබවහන්සේව බොහොම බරපතල ලෙස විවේචනය කරනවා. මේ විවේචන හමුවේ දිය හැකි පිළිතුරක් තියනව ද?  

කිසිම පදනමක් නැති චෝදනා සම්බන්ධව කලබලවෙලා  වැඩක්  නෑ. ඒවට උත්තර දෙන්න කාලය නාස්ති කරන එකත් අපරාදයක්. මේ චෝදනා එනකොටම මැදහත් මිනිස්සු දන්නවා චෝදනා කරන අය කවුද ඒ චෝදනා එල්ලවෙන පදනම මොකක් ද කියලා.


අපි මේ අරගලය කරන්නෙ මිනිස්සු තුන්සිය ගාණක නැතිවුණු ජීවිත වලට සාධාරණයක් ඉටු කරගන්න. අපරාධය කළේ කවුද් කියලා දැනගන්න.  ඒ සත්‍ය හෙළිදරව් කරගැනීම අවසානයේ දි මේ රටේ අනාගත ආරක්ෂාව සඳහා අතිශයින්ම වැදගත් බව අප විශ්වාස කරනවා. ඒ නිසා ඒ අරගලය අප දගටම කරනවා.


ඔබවහන්සේ බුද්ධි ප්‍රධානීන් සම්බන්ධ කළ ප්‍රකාශ සත්‍ය නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කැඳවීම අනුව එහි ගොස් කටඋත්තරයක් දෙන්නෙ නැත්තෙ ඇයි?. ඔබවහන්සෙ බය වෙලා ද?

බයක් නිසා නෙමෙයි. මේ සම්බන්ධව අපි දාපු මූලික අයිතාවාසිකම් පෙත්සමේ දි පැහැදිලිවම කිව්වා.     ඒ කියන්නෙ ප්‍රකාශයක් ලබා ගත්තටට පස්සේ අත්අඩංගුවට ගැනීමේ අවදානමක් තියනවා කියලා. අප ඉල්ලා සිටින්නේ එවැනි අවස්ථාවකට පත් නොවීම සඳහා නෛතික ආවරණයක්.


ඔබවහන්සේට විශාල පිරිසක් චෝදනා කරනවා ප්‍රකාශයක්වත් දෙන්න සී.අයි.ඩී. එකට එන්න සූදානම් නෑ කියලා.

මම කොහෙවත් කියලා නෑ ප්‍රකාශයක් දෙන්න එන්නෙ නෑ කියලා. මා ඇවිත් අවශ්‍ය සියලුම ප්‍රකාශදෙනවා. මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බලා අත්අඩංගුවට ගැනීමේ අවදානම නොමැති බව තහවුරු වීමේ දැන්වීම ලැබුණු පසු ඇවිත් ඒ ප්‍රකාශය දෙන්නම්.

 

සමුළුවෙදි සාකච්ඡා වුන දේ ඇයි එළියට ඇවිත් කතා කරන්නෙ නැත්තේ?.

අවශ්‍ය තැනයි අවශ්‍ය දේ කතා කරන්න ඕන. මා සමුලුවේදි කළ ප්‍රකාශයක් මුල්කරගෙනනෙ මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙන්නේ. ඒ ප්‍රකාශය මා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙදි දෙන්නම්.


ඒත් ඔබවහන්සේ කරන්නෙ බොරු රංගනයක් කියලා මාධ්‍යවල  ඔබවහන්සේව දැඩිව විවේචනය වෙනවා.

මා යළිත් කියන්නෙ. ඒවට උත්තර දීම සහ හැප්පෙන්න යෑම කිසිම තේරුමක් නෑ. අපි හරි තැන දි හරි දේ කරනවා. පළවෙනි දවසේ ප්‍රකාශය ලබා දීම සඳහා සතියක් කල් ඉල්ලුවා. මූලික අයිතිවාසිකම් පේත්සමක් දාලා තියනවා. ඒකෙන් උසාවියෙ දෙන නියෝගයත් එක්ක ගිහින් අදාල ප්‍රකාශය කරනවා.


ඔබවහන්සේ එදා ඒ බුද්ධි ප්‍රධානීන් සම්බන්ධව කළ ප්‍රකාශයන් එළෙසම ද?. ඉල්ලා අස්කරගැනීමක් නැද්ද?.

ඒ ප්‍රකාශය නිසානෙ ප්‍රශ්න කරන්න එන්න කියන්නෙ. එතැනදි කියන්න තියන දේ කියන්නම්.


-කීර්ති ප්‍රනාන්දු –

No comments

Ads Place