Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සංස්කෘතියෙ වැරදි කොණින් අල්ලගන්නෙ නැතිව ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුයි! පොහොට්ටු මන්ත්‍රිණී කෝකිලා…

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ කෝකිලා ගුණවර්ධන  ගණිකා වෘත්තිය රට තුළ නීතිගත කළ යුතු බවට සංවාදයක් ගොඩනගමින් සිටින්නීය. සම්ප්‍රද...




පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ කෝකිලා ගුණවර්ධන  ගණිකා වෘත්තිය රට තුළ නීතිගත කළ යුතු බවට සංවාදයක් ගොඩනගමින් සිටින්නීය. සම්ප්‍රදායික  සිංහල බෞද්ධ සංස්කෘතික අර්ථයන් උත්කර්ෂයට නන්වමින් සංඝයාවහන්සේ  පෙරටුකරගත් සටනකින් අනතුරුව බලයට පැමිණි රජයක් තුළ හිඳින ඇය මේ කතා කරමින් හිඳින්නේ අතිශය ලිබරල් ප්‍රජාතන්ත්‍රික අරුතක් සහිත  නිදහස් මතවාදයක් ගැනය.    ලංකසර  අප ඇය සමග සංවාදයකට එක්  වන්නේම එබැවිනි.

මේ කතා කරන්නෙ පුපුරා කඩා හැලෙන අදහසක් ගැන. පාර්ලිමේන්තුවෙ කිසිම කෙනෙක් ගණිකා වෘත්තිය නීතිගත කිරීම වගේ දෙයක් කතා කරන්නවත් ලෑස්ති වෙන එකක් නෑ.

සාධාරණව හිත ඕනෑම කෙනෙක් අදහස් ප්‍රකාශ කරන්න බිය වුනාට හෘදය සාක්ෂියට තට්ටු කරල ඇහුවොත් කියාවි ඔව්… කෝකිලා හරි කියලා.

අපි හැමදාම අල්ලගෙන තියෙන්නෙ සංස්කෘතියෙ වැරදි කොණින්. ගණිකා වෘත්තිය නීතිගත කළා කියලා මේ රටේ සම්ප්‍රදායික සංස්කෘතියට කිසිම හානියක් වෙන්නෙ නෑ, බුදුන්වහන්සෙ වැඩ හිටියෙත් ගණිකා වෘත්තියට රාජ්‍ය අනුග්‍රහය ලැබුණු සමාජයක…


-කීර්ති ප්‍රනාන්දු

No comments

Ads Place