Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපිට ඕන හිරේ යන එක නවත්තන්නයි..

මහත්මා ගාන්ධි කියල තියනවා පාසැලක් ඇරියොත් හිර ගෙවල් 10 ක් වහන්න පුළුවන් කියලා. අපිට ඕනේ මිනිස්සු හිරේ යන එක නවත්තන්නයි. ඒ සඳහා තමයි ගුණ ගරුක...

මහත්මා ගාන්ධි කියල තියනවා පාසැලක් ඇරියොත් හිර ගෙවල් 10 ක් වහන්න පුළුවන් කියලා. අපිට ඕනේ මිනිස්සු හිරේ යන එක නවත්තන්නයි. ඒ සඳහා තමයි ගුණ ගරුක විනය ගරුක නීති ගරුක සමාජයක් හදමු කියල සෞභාග්‍යයේ දක්මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණයේම ලියල තියෙන්නේ” යයි නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා පැවසීය.

ඒ් මහතා මෙසේ පැවසුවේ මිල්ලෑවවත්ත පුනරුත්ථාපන හා විශෝධන සංවර්ධන ව්‍යාපෘතිය ඉදිවන ස්ථානයේ පදිංචිව සිටි පවුල් 55 කට අළුතින් නිවාස සාදා දීමේ ආරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

”අපේ රටේ මේ වන තුරුම තිබුණේ ජාතික පාසල් 379 යි. ජනාධිපතිතුමාගේ පළවෙනි වසරෙම පාසල් 1000 ක් ජාතික පාසල් මට්ටමට පත් කරන්නට අනුමත කරලා තිබෙනවා. මේ වසරේ අයවැය අනුමත කරලා එම කාර්යය කරනවා. රටපුරාම අධ්‍යාපන ක්ෂේත‍්‍රය දියුණු කරන්න කටයුතු කරනවා. වෘත්තීය අධ්‍යාපන දියුණු කරන්න බලනවා. අපි මත්ද්‍රව්‍ය පාලනයට, නිවාරණයට, පුනරුත්ථාපනයට විශාල අවධානයක් යොමු කරනවා. එතකොට වැරදි කරල බන්ධනාගාරවලට මිනිස්සු එන එක අඩු වෙනවා.

අළුතින් බන්ධනාගාර ගත වන ප‍්‍රමාණය අඩු කරන්නට අපි කටයුතු කරනවා වාගේම දැනට බන්ධනාගාරගත වී සිටින අය විධිමත් අයුරින් සමාජගත කිරීමත් අත්‍යාවශ්‍යයි. ඒ නිසා තමයි ඔවුන් නියමිත අයුරින් පුනරුත්ථාපනය කර සමාජ ගත කිරීමේ අවශ්‍යතාවය අපි තේරුම් අරගෙන මේ හොරණ මිල්ලෑවවත්ත පුනරුත්ථාපන හා විශෝධන ව්‍යාපෘතිය ආරම්භ කරන්නේ. බන්ධනාගාරවල පහසුකම් අඩු වුනාම ඒවයින් එලියට එන්නේ සමාජය ගැන වෛරයෙන් ක්‍රෝධයෙන් පෙලෙන මිනිස්සු. ඒ අය තවත් වැරදි කරන්න පෙලඹෙනවා. ඒ නිසා තමයි 2015 ට කලින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේත් ‘සිරකරුවොත් මනුෂ්‍යයෝය‘ කියන සංකල්පය යටතේ සිරගෙවල්වල පහසුකම් වර්ධනය කරන්නට කටයුතු කළේ. ඒ කාලෙ අඟුණකොලපැලැස්ස හිර ගෙදර ගොඩක් පහසුකම් ඇතිව ජාත්‍යන්තර ප‍්‍රමිතියට ගොඩනැගුවා. දැන් අපි මිල්ලෑවවත්ත පුනරුත්ථාපන හා විශෝධන ව්‍යාපෘතිය කරන්නේත් ඒ වගේම පහසුකම් ඇතිවයි.

පසුගිය ආණ්ඩුවත් සිර ගෙවල් ගැන ලොකු උනන්දුවකින් කටයුතු කලා. හැබැයි ඒ අයට ඕනෑ වුනේ සිරගෙවල්වල පහසුකම් වැඩි කරන්න නෙවෙයි. හැදුවේ නැහැ. ප‍්‍රතිවාදීන්ව හිරේ දමලා හිරිහැර කරන්නයි ඔවුන්ට ඕනෑ උනේ. විශේෂයෙන්ම දේශපාලනඥයෝ, රාජ්‍ය නිලධාරීන්, දේශපාලන වශයෙන් විරුද්ධවාදියෝ හිරේ දාන්න තමයි ඒ අයගේ පාලන කාලයෙන් වැඩි කොටසක් ගත උනේ. හිරේ යන්නේ කියන්නේ වරදක් කරපු අය. නඩුව ඔප්පු වෙන්න කලින් මේ අය සතුටු උනේ ප‍්‍රතිවාදීන්ව රක්ෂිත බන්ධානාගාර ගත කරලා. අද වර්තමාන රජයේ ඉන්න මැතිඇමතිවරු, නිළධාරීන් ඒ වගේ අභූත චෝදනා දාලා රක්ෂිත බන්ධනාගාර ගත කරපු අය පසුගිය කාලේ. හැබැයි කිසිම නඩුවක් ඔප්පු කර ගන්න බැරි උනා. ඒ අය විශේෂ අධිකරණ පවා පිහිටෙව්වා මේ කාර්යය සඳහා. දේශපාලන පලිගැනීම තමයි ඒ රජයේ මූලික කර්තව්‍යය උනේ. එහි ප‍්‍රතිපලය උනේ අවසානයේ කරන්න ඕනේ වැඬේ කරන්නේ නැතිව රට වියවුල් වෙලා, රටේ ආර්ථිකය කඩා වැටිලා මහා ආගාධයකට ගෙනිහින් තමයි අපට රට භාරගන්නට උනේ. අද වර්තමානයේ අපට තිබෙන ප‍්‍රශ්ණ වලින් 90% ක් පසුගිය රජය විසින් නිර්මාණය කරපු ප‍්‍රශ්ණ. විශේෂයෙන්ම ආර්ථික ගැටළුව. ආර්ථිකය කළමනාකරණය කරන එක වෙනුවට කළේ මුලූ කාලයම යොදල මිනිසුන්ගේ පලිගන්න එක. රක්ෂිත බන්ධනාගාර ගත කරන එක වැනි දේවල්.

අපට හරි කණගාටුයි, ඊයෙත් පාර්ලිමේන්තුවේ දී එක් මංත‍්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවේ නැගිටලා කියනවා එයාලා බලයට ආවහම අනික් පැත්තේ අයව හිරේ දානවා කියලා. එයිද නැද්ද කියන්න අපි දන්නේ නැහැ. නමුත් පහත් විදියට ප‍්‍රතිවාදීන්ට තර්ජනය කරනවා.

අපේ ආණ්ඩුව, අපේ ජනාධිපතිතුමා, අගමැතිතුමා මේ පලි ගැනීමේ සංස්කෘතිය අවසන් කළා. යහපාලන රජය කාලේ අධිකරණ ඇමතිවරු කළේ උදේ සිට? වෙනකන් පලි ගන්නේ කොහොමද කියල හොයන එක. අපි එම ක‍්‍රමය වෙනස් කළා. අපට අවශ්‍ය අනික් පැත්තේ අය හිරේ දාන එක නෙමෙයි සියළු දෙනාම එකතු කරගෙන මේ රට සංවර්ධනය කරන්නයි. අපි නීතියට අතපෙව්වේ නැහැ. පොලීසියට කිව්වේ නැහැ විපක්ෂයේ මංත‍්‍රීවරු දඩයම් කරන්න කියල. අපි ඒ සංස්කෘතිය පිළිකුල් කරනවා. වෛර කර කර ඉන්න නෙමෙයි අපට ඕනේ මේ රටේ ජනතාවට හොඳ අනාගතයක් ලබා දෙන්නටයි. ඒ නිසා මේ පළිගැනීමේ පහත් සංස්කෘතියට ආපහු යන්න උත්සාහ කරන්න එපා කියල අපි විපක්ෂයට කියනවා’ යැයි පැවසීය.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා, ජාතික උරුමයන් සෞන්දර්ය කලා හා ප‍්‍රාසංගික කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, සහ බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සහ නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් ප‍්‍රසාද් රණවීර යන මහත්වරුන්ද මෙහිදී අදහස් දක්වන ලදී .

 

No comments

Ads Place