Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මේ හදන්නෙ සත්‍ය සෙවීම සඳහා යන ගමන බයකරලා මර්ධනය කරන්න… සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා කියයි!

තමන්වහන්සේ මුල් කරගෙන මේ දියත් වී ඇත්තේ  පාස්කු ප්‍රහාරයේ සත්‍ය   වසන් කිරීමට ඉඩ ලබා නොදෙමින් එම ප්‍රහාරයේ සත්‍ය සොයා යෑමට  දරන  උත්සාහය මර්...





තමන්වහන්සේ මුල් කරගෙන මේ දියත් වී ඇත්තේ  පාස්කු ප්‍රහාරයේ සත්‍ය   වසන් කිරීමට ඉඩ ලබා නොදෙමින් එම ප්‍රහාරයේ සත්‍ය සොයා යෑමට  දරන  උත්සාහය මර්ධනය කිරීමක් බව සිරිල් ගාමණී පියතුමා ලංකසරට පැවසීය.


“ සාමාන්‍යයෙන් පෙනෙන දේ තමයි අප බයකරලා මර්ධනය කිරීමක් කරන්න හදනවා.  ඒ ලෙසයි  මේ ක්‍රියාවලිය  අප දකින්නේ. “ එතුමෝ කීහ.“


රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් 2019 වසරේ පාස්කු ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණී පියතුමන් විසින් කරන ලද ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝම්බර් 25 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  ගොනුකළ පැමිණිල්ල ප්‍රකාරව  මෙම විමර්ශනය ඇරඹා ඇත.


මෙම විමර්ශනයේ දී  ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් පසු තමන් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දරන උත්සාහය වැළැක්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන්  පසුගිය 02 දා  මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ


-කීර්ති ප්‍රනාන්දු –

No comments

Ads Place