Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුසල්, දික්වැල්ල සහ ධනුෂ්ක කණ්ඩායමට ගන්නැයි කිරිඇල්ල නාමල්ගෙන් ඉල්ලයි

පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියමක් වශයෙන් දැනට තරඟ තහනම් ...






පසුගිය විස්සයි 20 ලෝක කුසලාන තරඟමාලව තුළ දී ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරුවන් නිරන්තරයෙන් අසාර්ථක වූ බවත් ඊට පිළියමක් වශයෙන් දැනට තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා කණ්ඩායමට ඇතුළත් කිරීමට සලකා බලන ලෙසත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය. අද (08) දින පාර්ලිමේන්තුවේ දී කිරිඇල්ල මන්ත්‍රීවරයා මේ බව විමසූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැවසුවේ අදාළ තීන්දුව සම්බන්ධයෙන් පළමුව සලකා බැලූ කාරණය විනය බවයි.


ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක යන ක්‍රීඩකයින් පසුගිය එංගලන්ත සංචාරයේ දී ජෛව බුබුළු නීතිරීති උල්ලංගණය කිරීම හේතුවෙන් මේ වන විට ජාත්‍යන්තර හා දේශීය තරඟ තහනමකට ලක්ව සිටී. ඊට අමතරව ඔවුන්ට මුදල් දඩ ද පනවනු ලැබීය.


පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - මගේ ප්‍රශ්නය තරඟ තහනමක් පනවා ඇති ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව. ඔබ පසුගිය තරඟාවලිය බැලුවානම් අපේ ආරම්භක පිතිකරුවන් ඉතාම අසාර්ථකයි. මම හිතන්නේ ඇමතිතුමා ඊට එකඟ වෙයි. අපිට හොඳ ආරම්භයක් ලබා ගන්න ඉතා අපහසු වුණා. ආරම්භක පිතිකරුවන්ගෙන් කෙනෙක් පළමු ඕවර දෙක තුන ඇතුළත දැවී ගියා. තරඟ තහනම් පනවා ඇති ක්‍රීඩකයින් තිදෙනා ඉතා හොඳ ක්‍රීඩකයින්. ඔබ ඔවුන් ගැන සලකා බලනවා නම් හොඳයි. මොකද අපිට 2022 දී නැවත වරක් ලෝක කුසලානයකට මුහුණ දෙන්න තිබෙනවා. මම හිතන්නේ ඔවුන්ට ලොකු දඩයක් නියම කළා.


ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ - ගරු මන්ත්‍රීතුමනි, ඔබට තේරෙනවා ඇති, විනය තමයි අංක එක. ඔබ දන්නවා විනය නිසිපරිදි පවත්වා ගෙන යාමට නොහැකි වූ නිසා ඔබේ පක්ෂයට වෙච්ච දේත්. එය මගේ ජාතික කණ්ඩායමට සිදුවෙන්න දෙන්න මට අවශ්‍ය නැහැ. අපි විනයානුකූල පියවර අරගෙන තිබෙනවා. පාලක මණඩලය මේ සම්බන්ධයෙන් කමිටුවක් පත්කරලා ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවා. තීන්දුව ලබා දීලා තිබෙනවා. ඔවුන්ට දේශීය තරඟ සඳහා සහභාගී වෙන්න පුළුවන් කාලය අවසන් වුණාම. එල්පීඑල් තරඟ සඳහා එක්වන්නත් පුළුවන්. වසරකින් පසු ජාත්‍යන්තර තරඟ සඳහා එක්වන්න පුළුවන්.

No comments

Ads Place