Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔමික්‍රෝන් දැනටමත් ලංකාවේ තිබිය හැකියි..රට වසා දමන්න..

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගන්නා ලද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබිය හැකි බව ජොන් හොප්කින්ස් විශ්ව විද්...

දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගන්නා ලද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබිය හැකි බව ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් ලංකාව ඉතා බරපතල අනතුරක බවද ඒ මහතා අනතුරු අගවයි.

පසුගිය දින දාහතරක් තිස්සේ තුළ මෙරටට පැමිණ අය පරීක්ෂාවට ලක් කිරීමෙන් ඵලක් නැති බවත් අවම වශයෙන් මාසෙකට වත් පෙර පැමිණි අය නිරෝදායනයට ලක් කර පරීක්ෂාවට ලක් කළ යුතු බව ද ඔහු කියා සිටියි.

වෛරස ප‍්‍රභේදයෙන් බේරීම සඳහා අප්‍රිකානු කලාපයට පමණක් රට වසා දැමීමේ තේරුමක් නැතැයි ද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

 

No comments

Ads Place