Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හම්බන්තොට සෙල්ලම් පිස්තෝල මැරයා ‍කොල්ලුපිටියේ ඉඩමක් බලෙන් අල්ලයි

හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ ගෝලබාලයින් පිරිසක් ඊයේ රාත්‍රි කොල්ලුපිටියේ 10 වන පටුමගේ පිහිටි ඉඩමක කන්ටේනරයක් සිය නිවස කරගෙන ජීවත්ව...




හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දුගේ ගෝලබාලයින් පිරිසක් ඊයේ රාත්‍රි කොල්ලුපිටියේ 10 වන පටුමගේ පිහිටි ඉඩමක කන්ටේනරයක් සිය නිවස කරගෙන ජීවත්වූ පිරිසකට පහරදී එයින් එළියට ඇද දමා බහලුම රැගෙන ගොස් තිබේ.


ඒ සම්බන්ධයෙන් එම බහලුම් නිවසසේ ජීවත්වූ ගෘහමූලිකයා වන ටී.එච්.සලීම් නැමැත්තා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට අද උදෑසන පැමිණිල්ලක් ඉදිරිපත්කරනු ලැබීය.


දරුවන් 09 දෙනෙකුගේ පියෙක් වන ඔහු පවසන්නේ තමන් සහ දරුවන්ට පහරදී බිරියද සමග තමන්ව එතැනින් එළවා දැමූ බවය.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් අද රාත්‍රී 8.00 නිකුත් කල මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ කොල්ලුපිටිය පොලිස් වසමේ 10 වන පටුමග පිහිටි නිවසකට ඇතුළුවී එම නිවැසියන් පන්නාදැමීමට කටයුතු කිරීමක් පිළිබදව අද දින උදෑසන කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී තිබුණු බවය.

 

ඊට අදාල සැකකරුවන් 05 දෙනෙක් අත්අඩංගුවට ගත් බවත් ඒ අය අතර පුද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් තිදෙනෙක්ද සිටින බවත් එම නිවේදනයේ සදහන්ය.


තවත් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් එම ස්ථානයේ තිබී පැහැරගත් යකඩ කන්ටේනරයක් ද සොයාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.


අත්අඩංගුවටගත් සැකකරුවන් හෙට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ.


උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කරනු ලැබුවේ අදාල පවුල ජීවත්වූ ඉඩමේ ආරක්ෂාව නගරාධිපතිවරයාගේ ආරක්ෂක සමාගමට භාරදී ඇති බවත් එම ආරක්ෂකයින් විසින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවත්ය.


ආරක්ෂකයින්ට අමතරව පැමිණි පිරිස මැර පිරිසක් බවත් මෙහිදී සිදුව ඇත්තේ මැර කටයුත්තක් බවත් එම නිලධාරියා කීය.


මෙම නගරාධිපතිවරයා මෙයට පෙර බම්බලපිටියේද ඉඩමක් අත්පත්කර ගැනීමට ගොස් එම ඉඩමේ ආරක්ෂකයින් දෙදෙනෙකුට පහරදීමක් සම්බන්ධයෙන් ද චෝදනා ලැබ ඇතැයි එම නිලධාරියා කීය.


එහිදීද නගරාධිපතිවරයා සදහන්කරන්නට වූයේ එම ඉඩමේද ආරක්ෂාව ඔහුගේ ආරක්ෂක සමාගමට භාරවූ බැවින් එම ආරක්ෂාව භාරගැනීමට ගිය විට යම් සිදුවීමක් වූ බවත් තමන් නිවැරදිකරුවෙක් බවත්ය.


පොලිසිය විසින් ඔහුව ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගත්තේය

No comments

Ads Place