Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වෛරී යුද ස්මාරක ලෙස දාගැබ් ඉදි කිරීම බෞද්ධ දර්ශනයටත් පටහැනියි… මහාචාර්ය අගලකඩ සිරිසුමණ හිමි…

පරාජිතයන්ගේ වෛරය නොනිවී දල්වා තබන ගිනි දැල්ලක් බඳු ස්මාරකයක් දාගැබක නාමයෙන්  බෞද්ධයාගේ උත්තම සංකේතය වූ ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ අභියස ඉද...



පරාජිතයන්ගේ වෛරය නොනිවී දල්වා තබන ගිනි දැල්ලක් බඳු ස්මාරකයක් දාගැබක නාමයෙන්  බෞද්ධයාගේ උත්තම සංකේතය වූ ස්වර්ණමාලී මහා දාගැබ් වහන්සේ අභියස ඉදි නොවිය යුතු බව තමන්වහන්සේ එදත් අදත් හෙටත් ප්‍රකාශ කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමණ හිමියෝ ප්‍රකාශ කළහ.

අන්තර්ජාල නාලිකාවක් වූ සටහන රේඩියෝ සමග සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ මෙවැනි යුද්ධය සැමරීම සඳහා දාගැබ් යුද ස්මාරක බවට පත්කිරීම බෞද්ධ දර්ශනයටත් එකඟ නොවන බවය. උන්වහන්සේ මේ පිළිබඳ දැක්වූ සම්පූර්ණ අදහස මෙසේය.

අපේ රටේ චිරාත් කාලයක් අපිත් එක්ක  ජීවත්වන ජනතාවගෙන් වැඩි පිරිසක් දෙමළ ජනතාව. ඔවුන් රට පුරාම පැතිරී ඉන්නවා.  ඒ මිනිස්සු මේ සෑය දැකලා වඳීද. මලක් තියයි ද. සතුටු වෙයිද. ඒ හැම දෙනෙක්ම මේක දැකලා සුසුම් හෙළයි. වෙන කිසිම දාගැබකට එහෙම වෙන්නෙ නෑ.

අපේ ජාතියේ මහා සංකේතය ස්වර්ණමාලිය තිබිය දීත් ඒ බිමේම පේනතෙක් මානයේ මහා විශාල ජාතික ධනයක් වැය කර  තවත් ඒ හා සමාන ස්මාරක හදන්නෙ මොකට ද?.


සඳහිරු සෑය සඟ සතු කිරීමේ අවස්ථාවට සහභාගී වෙන ලෙස ආරාධනා කරමින් හමුදාව විසින් මා වෙත ඇරයුම් පතක් ගෙනත් දුන්නා.


මේ සෑය නිර්මාණය කළේ යුද්ධය ජයග්‍රහණය කිරීමේ ස්මාරකයක් හැටියට. මෙය ආරම්භ කිරීමේදීත් මා මීට විරුද්ධත්වය ප්‍රකාශ කළා. යුද්ධය සමරන්නට ලංකාවේ මෙවැනි ස්මාරක ගොඩනොනැගිය යුතුයි.


මා එසේ කියන්නෙ බෞද්ධ දර්ශනයේ සංකල්පයක් පදනම් කරගෙන.

No comments

Ads Place