Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැමෝම එක්ක සාකච්ඡා කරලා තීරණ ගත්තා නම් පොහොර ප්‍රශ්නයට මෙහෙම වෙන්නේ නෑ..-චමල් රාජපක්ශ

පොහොර ප්‍රශ්නය පිළිබඳව විපක්ෂය ඇතුළු සියලු අංශ සමඟ සාකච්ඡා මාර්ගයට යාම වඩා වැදගත් බවත් මුලින් සාකච්ඡාවකට ගියේ නම් වර්තමාන ප්‍රශ්න ඇති නොවන බ...

පොහොර ප්‍රශ්නය පිළිබඳව විපක්ෂය ඇතුළු සියලු අංශ සමඟ සාකච්ඡා මාර්ගයට යාම වඩා වැදගත් බවත් මුලින් සාකච්ඡාවකට ගියේ නම් වර්තමාන ප්‍රශ්න ඇති නොවන බව තම පෞද්ගලික විශ්වාසය බවත් වාරිමාර්ග ඇමැති චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

හරිත කෘෂිකර්මාන්තයට අවතීර්ණ වූයේ යහපත් චේතනාවෙන් මිස කිසිවෙකුට රිදවීමට නොවන බවත් පැවසූ ඔහු රජය රටේ කෘෂිකර්මාන්තය කඩා වැට්ටීමට කිසිම විටක සූදානම් නැතැයි ද පැවසීය.

ජනතාවගේ යහපත සුභසිද්ධිය සැලකිල්ල ගෙන ආණ්ඩුව සහ විපක්ෂය මේ ප්‍රශ්නය සම්බන්ධ සාකච්ඡා කර සම්මුතියෙන් කටයුතු කිරීම වඩා වැදගත් බවත් දේශපාලන පටු චේතනාවෙන් කටයුතු කරන අයට වඩා එසේ කිරීම සුදුසු බවත් ඔහු සඳහන් කළේය.

බොහෝ දෙනෙකුට ආණ්ඩු කරන්න දේවල් මතක් වෙන්නෙ විපක්ෂයට ගිය විට යයිද පැවසූ අමාත්‍යවරයා රටේ අනාගතය සඳහා සාකච්ඡාවට එකතු වෙන්නයි විපක්ෂයට ආරාධනා කරන බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

No comments

Ads Place