Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අයවැයට රජයේ නිලධාරීන් විරුද්ධ වෙයි..නොදන්වා වැඩ වර්ජන කරන බවට දැනුම් දීමක්..

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැර ඇති බවත් රුපියල් 16000ක වැටුප් හෝ දිමනා ලබා නොදුනහොත් පෙර නොදන්වා වෘත්තිය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ...

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින් නොසලකා හැර ඇති බවත් රුපියල් 16000ක වැටුප් හෝ දිමනා ලබා නොදුනහොත් පෙර නොදන්වා වෘත්තිය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් රාජ්‍ය නිලධාරි වෘතිය සමිති සම්මේලනය පවසයි.

අය වැය යෝජනා මගින් මෙරට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් දීමනා නොදීම හේතුවෙන් මිලියන 1.5ක රාජ්‍ය සේවකයින් හා ඔවුන්ගෙන් යැපෙන මිලියන 6කට ආසන්න ජනතාව ජිවත් වීමේ අපහසුතාවයට පත්ව ඇති බවත් ඔවුන් පෙන්වා දේ.

පසුගිය සංඝනනයට අනුව හතර දෙනකුගෙන් යුතු පවුලකට මසක් ජිවත් විමට රු 58000 අවැසි බව සදහන්ව තිබුණද වත්මන් සමයේ සීග්‍රව භාණ්ඩ මිල ඉහල යෑම නිසාවෙන් මේ තත්වය තවදුරටත් ඉහල ගොස් ඇති බවත් ඔවුන් කියා සිටී.

එනිසා ඉදිරි සති කීපය තුලදි මේ පිලිබදව අවධානය යොමු නොකරන්නේනම් පෙර කිසිදු දැන්වීමකින් තොරව වෘතිය ක්‍රියා මාර්ගයන්ට යොමුවන බවද එහි වගකීම රජය භාරගතු යුතුබවද සම්මේලනය වෙනුවෙන් එහි ජාතික සංවිධායකවරයා ලිපියක් යොමු කර ඇත.



 

No comments

Ads Place