Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රත්තරන් පාලම් හැදෙන රටේ පාලම් පාරු පෙරළී මිය යන මිනිස්සු….

අපි අද මේ රටේ ජීවිතවල පරතරය අත් වින්දෙමු. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ  නව කැලණි පාළම අද  (24) ජනපති සහ අගමැති ප්‍රධ...




අපි අද මේ රටේ ජීවිතවල පරතරය අත් වින්දෙමු.


ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කළ  නව කැලණි පාළම අද  (24) ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත වන්නේය.


මේ විවෘත වන්නේ තවත් කැලණි පාලමකි. එය නම් කරන්නේ කල්‍යාණිපුර රන් පිවිසුම  (Golden Gate Kalyani) ලෙසය. එසේ කීවේ අමාත්‍ය ජොන්සටන් ප්‍රනාන්දුය.


කල්‍යාණීපුර රන් පිවිසුම

වර්ෂ 2012 දී පාලම ඉදිකිරීමේ මූලික සැලසුම් සකස් කර මහා මාර්ග අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ 2014 දී ගිවිසුම් අත්සන් කර මංතීරු 06කින් යුතු පාලම තැනීම ආරම්භ කළේය. දැන් ඒ පාමලම ඉදිකර ඉවරය.   හෙට   අප්‍රමාණ සැණකෙළි කෙළ මහා උත්කර්ෂයෙන් ඒ  පාලම විවෘත වන්නේය.

 

ඒ උත්කර්ෂයට පැය විසි හතරකට පෙර අපට අප ගතකරන පොදු සමාජ ජීවිතය ගැන තියුණු සැතකින් ඇන පසක් කර දී ඇත.  ඈත කින්යාවේ කැඩී ගිය පාලම දකිමින් පාසල් ගිය නොදරුවන් ඇතුළු 06ක්  කින්නියා, කුරන්ජන්කර්නි කලපුවේ ගිලී මිය ගොස්ය.


පාළම් පාරුව පෙරළී දියේ ගිලී මිය ගිය අසරණයින්

මේ වනවිට දියේ ගිලුණු 20ක් කින්නියා රෝහලේ ප්‍රතිකාර ගනිමිනි. තවත් දෙදෙනෙක්  කිළිනොච්චි සහ ත්‍රී කුණාමලය රෝහල්වල දැඩි සත්කාර ඒකකවලය.  පාසල් දරුවන් තිදෙනෙක්, අවුරුදු තුනහමාරක ළදරුවෙක්, තරුණ පාසල් ගුරුවරියක් මිය ගිය අය අතරය. මේ දරු පැටවුන්ගේ ගෙවී ගිය බිඳුණු පාවහන් පාසල් බෑග් දෙස බලන්න. ඒ දැකුම උපදවන්නේ නොවියැකෙන කම්පනයකි. මේ ඔවුන් ගත කරන ජීවිතවල සංකේතයන්ය. ඒ ජීවිතවලට වඩා දියේ ගිලී සිදුවන මරණය පහසුය…


ලෝකයට ණය වී මවන සරුවපිත්තල මායාවේ යථාර්ථය මහා බිහිසුණු බව මේ මිය ගිය අසරණ මිනිසුන් අපට මතක් නොකරන්නේ ද?. මිත්‍රවරුනි…


මායාවෙන් මිදෙන්න….

No comments

Ads Place