Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දියාවෙන් ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික අභියෝගයක් ..නි.මහ කොමසාරිස් යාපනේ කොටි සැමරුමකට යයි..

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. ...

යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නට්රාජ් ජයබාස්කරන් මහතා විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කල පුෂ්පය වන නියගලා මලක් පැළඳ ගනිමින් යාපනයේ මල්පැල් තවානක් විවෘත කිරීමේ සහ පැල බෙදා දීමේ උත්සව අවස්ථාවකට සහභාගි වී තිබේ.

යාපනය නල්ලූර්හි පිහිටි ‘කිට්ටු’ හෙවත් සංගිලියන් උද්‍යානයේදී පසුගිය 20 වැනිදා පෙරවරුවේ මෙම උත්සවය පැවැත්වී ඇති අතර එහිදී නොවැම්බර් මාසයට යෙදී ඇති පැල සිටුවීමේ මාසය නිමිති කරගනිමින් දෙමළ ජාතික හරිත ව්‍යාපාරය විසින් මෙම වැඩසටහන සංවිධානය කොට තිබුණි.

උතුරු පළාත් හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන් ප්‍රධානත්වයෙන් සංගිලියන් උද්‍යානයේ සංවිධානය කර තිබූ මෙම වැඩසටහන වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වී ඇත්තේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතාය.

එහිදී ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ඇතුළු ආරාධියන්ට කොටි සිංවිධානයේ පුෂ්පය වන නියගලා මලක් පළන්දවා සංවිධායකයන් විසින් ඔවුන් පිළිගෙන තිබුණි.

අනතුරුව සංවිධානය කොට තිබූ පැල බෙදාදීමේ වැඩසටහනටද නියඟලා මලද සමගින් ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා සහභාගී විය.

මෙම වැඩසටහන 20 වනදා සිටි 26 වනදා දක්වා සංගිලියන් උද්‍යානයේදී පැවත්වෙන අතරම කොටි සංවිධානයේ මහවිරු සතියද එදිනයන්ට යෙදී තිබීම විශේෂත්වයකි.

 

No comments

Ads Place