Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ බ්‍රිතාන්‍යය අනුමත කළ ප්‍රතිවෛරස කොවිඩ් කරල ලංකාවට ගෙන්වීමට රාජ්‍ය ඇමතිගෙන් විමසුමක්!

‍ඊයේ (04) බ්‍රිතාන්‍යයේ භාවිතා කිරීම අනුමත කළ  මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ප්‍රතිවෛරස  ඖෂධයක් වූ Molnupiravir ඖෂධය ලංකාව තුළ භාවිතයට ලබා ගත යුතු...





‍ඊයේ (04) බ්‍රිතාන්‍යයේ භාවිතා කිරීම අනුමත කළ  මුඛ මාර්ගයෙන් ලබා ගන්නා ප්‍රතිවෛරස  ඖෂධයක් වූ Molnupiravir ඖෂධය ලංකාව තුළ භාවිතයට ලබා ගත යුතු ද යන්න පිළිබඳව විමසමින්  ඖෂධ නිශ්පාදන සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍ය  චන්න ජයසුමන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යවා තිබේ.


මුඛ මගින් ලබා දෙන Molnupiravir ප්‍රතිවෛරස් ඖෂධය  මගින් කොවිඩ් ආසාදිතයන්   රෝහල්ගත කිරීම සහ මරණීය අවදානම සියයට 50කින් අඩුවන බව එම ඖෂධ සමාගම ප්‍රකාශයට පත් කර ඇතැයි රාජ්‍ය ඇමතිවරයා එම ලිපියෙන් පෙන්වා දෙයි.


Molnupiravir ඖෂධය ලංකාවේ කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා යොදාගත හැකි ආකාරය පිළිබඳව කොවිඩ් විද්වත් කමිටු මතය තමන් වෙත දන්වන ලෙස ද අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දෙයි.


ඔහු කියන්නේ  එම ඖෂධය රටවල් රැසක් විසින් නිර්දේශ කරමින් ඇණවුම් කර ඇති බවය.

 

කෙසේ වෙතත්   විදේශ මාධ්‍ය වාර්තා කළේ මුඛ මාර්ගයෙන් ලබා ගන්න ප්‍රතිවෛරස ඖෂධයක් ලෝකයේ මුල්ම වරට  මහා බ්‍රිතාන්‍යය ඊයේ (04) අනුමත කරනු ලැබූ බවය.


බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය ආරක්ෂණ නිෂ්පාදන නියාමන ඒජන්සිය (MHRA) සායනික දත්ත උපුටා දක්වමින් පවසා තිබුණේ  කොවිඩ් වෛරසය පිළිබඳ කෙරෙන පරීක්ෂාවකින්  අනතුරුව කොවිඩ් ආසාදිතබව තහවුරු වන රෝගීන්ට රෝග ලක්ෂණ ආරම්භ වී දින පහක් ඇතුළත     molnupiravir ඖෂධය භාවිතය සඳහා නිර්දේශ කළ බවත් එම වාර්තාවල සඳහන් වූයේය.


ඇමරිකා එක්සත් ජනපදය ඖෂධය භාවිතයට අනුමත කිරීම පිළිබඳ තීන්දුවක් ගැනීමට මේ මස අග දී කටයුතු කරන බවත් එම වාර්තාවල දැක්විනි

No comments

Ads Place