Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගෑස් පිපිරීම් වළක්වා ගැනීමට කල යුතු දේ ගැන ගෑස් සමාගමක ප්‍රධානියෙක් හෙළිකරයි

ගෘහස්ථ ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම් වළක්වා ගැනීමට අනුගමනය කළයුතු ක්‍රමවේදයන් ගැන ලාෆ්ස් සමාගම අද (29) පැහැදිලි කළේය. එම සමාගමේ සභාපති ඩබ්.ක...

ගෘහස්ථ ගෑස් ආශ්‍රිතව සිදුවන පිපිරීම් වළක්වා ගැනීමට අනුගමනය කළයුතු ක්‍රමවේදයන් ගැන ලාෆ්ස් සමාගම අද (29) පැහැදිලි කළේය.

එම සමාගමේ සභාපති ඩබ්.කේ.එච් වෑගපිටිය මහතා සඳහන් කළේ ගැස් සිලින්ඩරය පිපිරීමකට ලක්විය හැක්කේ එකම ක්‍රමවේදයකට බවය.


"ගෑස් කාන්දුවකින් සිදුවෙන පිපිරීම් වළක්වන්න අවශ්‍ය ආරක්ෂිත ක්‍රම ගොඩාක් අපි ඇතුළත් කරලා තියෙනවා. ඔබ ඒ ආරක්ෂිත බටය, රෙගියුලේටරය භාවිත කරන්න. අපි දැකපු ගොඩක් තැන්වල ලීක් වෙලා තියෙන්නේ ගෑස් සිලින්ඩරය නෙමෙයි. ගෑස් කුකර් එක. ගෑස් සිලින්ඩරය එළියෙ තියෙන එක වඩාත් සුදුසුයි. නමුත් එතන ඉඳන් ගෑස් කුකර් එකට ආවට පස්සේ ලීක් වුණොත් ඒකෙන් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ."

"හාඩ්වෙයාර්වල තියෙන වතුර බට ගෙනල්ලා ගෑස් එකට දාන්න එපා. ගෑස් සඳහාම තියෙන බට භාවිත කරන්න. රෙගියුලේටරයත් එහෙමයි. මේවා අවුරුදු 2කට පාරක් මාරු කරන්න ඕනේ. සවුත්තු වෙලා නෑ කියලා ඉන්න එපා."

"ගෑස් සිලින්ඩරය වාතාශ්‍රය තියෙන තැනක තියන්න. එකතොට පිපිරීමට අවශ්‍ය සංයුතිය නැතිවෙනවා. තමන්ගේ උපාංගයේ දෝෂයක් වුණොත් ගෑස් ලීක් වෙනවා."

"ගෑස් සිලින්ඩරය බෝම්බයක් නෙමෙයි. මේක හදලා තියෙන්නේ ඕනම පීඩනයකට ඔරොත්තු දෙන විදිහට. ඒ වෑල් එක තියෙන්නේ හදිසියේ පීඩනය වැඩි වුණොත් ඒක රිලීස් කරලා භාවිත කරන අයව ආරක්ෂා වෙන විදිහට." 

"ගෑස් සිලින්ඩරයක් පුපුරන්න පුළුවන් එකම එක විදිහකට විතරයි. ඒක ඉතාමත් කලාතුරකින් ඇතිවෙන දෙයක්. ගෑස් සිලින්ඩරය ඝෘජුවම ගින්නකට මැදි වුණොත් පළමුව රිලීස් වෑල් එක විවෘත වෙලා ඇතුළේ තියෙන ගෑස් ඉවර වෙනකම් පිච්චෙනවා. ඊට පස්සේ සිලින්ඩරයේ බිත්තියේ යකඩ උණුවෙලා පිපිරෙනවා. ඒ අනුව විවෘත ගින්නකට හසුකළේ නැත්තම් සිලින්ඩරයක් පුපුරන්නේ නෑ."

 

No comments

Ads Place