Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාන් , එළවළු රොටි , බිත්තර රොටී , පරටා ත් අහසට

 -කීර්ති ප්‍රනාන්දු- අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පැවසීය. එම සංගමය සඳහන් කර...




 -කීර්ති ප්‍රනාන්දු-

අද (28) මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් 10කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පැවසීය.


එම සංගමය සඳහන් කරන්නේ තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් මෙලෙස ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල ඉහළ දැමෙන බවය.


මේ අතර එලවළු රොටී , බිත්තර රොටි, රොටී,  පරාටා,  ඇතුළු ආහාර  රැසක මිල හෙට (29 ) සිට රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කීවේය.


ඊට අමතරව කොත්තුව ක මිල රුපියල් 10 කින් ඉහළ දමන බවද එම සංගමය පැවසුවේය.


 

ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ තිරිඟු පිටි මිල සහ ගෑස් මිල ඇතුළු එම් එම ආහාර ද්‍රව්‍ය සැකසීම සඳහා යොදා ගන්නා අනිකුත් ආහාර වර්ග හා අමුද්‍රව්‍ය වල මිල ඉතා ඉහළ යෑම හේතුවෙන් මෙසේ ආහාර මිල ගණන් වැඩි කිරීමට සිදු වූ බවයි.

No comments

Ads Place