Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීන්නු කුණු පෝර බාන්න මහ නා හිමිවරු බා ගන්න හදති … චීන්නුන්ගෙන් නුවරට අල්ලස්?

ලෝකය පිළිගත් ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනයේ පර්යේෂණවලින් ප්‍රතික්ෂේපිත ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන් අඩංගු පෙහොර තොගය ගැන මහා නායක හිමිවරුන් සම...



ලෝකය පිළිගත් ශ්‍රී ලංකා ශාක නිරෝධායන ආයතනයේ පර්යේෂණවලින් ප්‍රතික්ෂේපිත ව්‍යාධි ජනක ක්ෂුද්‍රජීවීන් අඩංගු පෙහොර තොගය ගැන මහා නායක හිමිවරුන් සමග  සාකච්ඡා කිරීමට සහ චීන කුණු පොහොර ගෙනා වින්ඩාවෝ සීක්වීන් බයෝටෙක් සමාගම පිහිට වින්ඩාවෝ නරගය සහ නුවර මිත්‍රත්ව නගර කිරීමේ ගිවිසුමක් නුවර මහ නගර සභාව සමග අත්සන් කිරීමට  චීන තානාපති තානාපති ක්‍යු ෂියෙන්හොන්ග් (Qi Zhenhong)  මේ වනවිට නුවරට පැමිණ තිබේ.


ඊයේ (14 සවස චීන තානාපති අස්ගිරි මහානායක හිමියන් බැහැ දුටුවේය.  මේ පොහොර ප්‍රශ්නය නිසා චීනය සහ ශ්‍රී ලංකාව අතර ගොඩනැගී තිබුණු දීර්ඝ කාලීන මිත්‍රත්වය  පළුදු වී ඇති බවත් පොහොර ප්‍රශ්නය නිසා ඇති වූ එම පළුදුවීම  යාථාවත් කිරීම සඳහා මහානායක හිමිවරුන්ගේ මැදිහත්වීම වැදගත් බවත්   චීන තානාපති ක්‍යු ෂියෙන්හොන්ග් (Qi Zhenhong)   අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් හමුවී පවසා ඇතැයි අස්ගිරි විහාර පාර්ශවයේ ආරංචි මාර්ග හෙළිදරවු කළේය.


තානාපතිවරයා පවසා ඇත්තේ මෙම පොහොර සමාගම චීනයේ ඇති ප්‍රමුඛතම පොහොර සමාගමක් බවත්, එය ලෝකයේ සියලුම රටවලට පොහොර ලබා දෙන විශාල ව්‍යාපාරික ආයතනයක් බවත් ලංකාවෙන් සිදුකළ මෙම ප්‍රතික්ෂේප කිරීම එම සමාගමට මෙන්ම චීනයට ද බරපතල ප්‍රශ්නයක් නිර්මාණය කර ඇති බවත් ය.


ඊයේ (14 අස්ගිරි නා හිමියන් බැහැදැක නුවර නැවතී සිටින චීන තානාපතිවරයා අද  (15) නුවර නගර සභාව සමග විශේෂ ගිවිසුමක්  අත්සන් කර කුණු පොහොර සමාගම පිහිටි චීනයේ වින්ඩාවො නගරය සහ නුවර මිත්‍රත්ව නගර  ලෙස ගිවිසුම් ගත වීමට නියමිතය.


 

ඒ අනුව නුවර ප්‍රභූන්ට ඇතුළු විශේෂ කණ්ඩායම් සඳහා චීනයේ සංචාර ශිෂ්‍යත්ව හිමිවන අතර නුවර නගරය සංවර්ධනය කිරීම සඳහා චීන ආධාර ලැබෙනු ඇත. චීන තානාපතිවරයාගේ උදේ වරුවේ කරන විවෘත කිරීම් දෙකකින් පසු අග්‍රාමාත්‍යවරයා නුවරට පැමීණ විවෘත කිරීම් දෙකක් සිදු කෙරනු ඇත.


මෙම ගිවිසුම අත්සන් කිරීමෙන් හා විවෘත කිරීමෙන් පසු අද උදේ වරුවේ චීන තානාපතිවරයා මල්වතු නා හිමියන් බැහැදැකීමට නියමිතව තිබේ.


ඊයේ අස්ගිරි මහා නායක හිමියන් බැහැදැකීමෙන් අනතුරුව චීන තානාපතිවරයා මාධ්‍යයයට කීවේ  චීන කාබනික පොහොර නැව හා සම්බන්ධ ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ සුළු පිරිසක් විසින් දේශපාලනීකරණය කර ව්‍යාජ ප්‍රවෘත්ති පළ වීම නිසා ප්‍රශ්නය සංකීර්ණ වී තිබෙන බවය.


අදාළ පොහොර තොගයට අදාළ සාම්පලයක් තුන්වන පාර්ශවයක් ලවා පරීක්ෂාවට ලක් කිරීමට ශ්‍රී ලංකා බලධාරීන් සහ චීන සමාගම එකඟතාවකට පැමිණ තිබෙන බවය.


-lankasara-

No comments

Ads Place