Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රසායනික පොහොර ආනයනයට අද සිට අවසර

රසායනික පොහොර, පළිබෝධනාශක, කෘමිනාශක, වල්නාශක ආනයනය කිරීමට අද සිට අවසර හිමිවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා. ද...




රසායනික පොහොර, පළිබෝධනාශක, කෘමිනාශක, වල්නාශක ආනයනය කිරීමට අද සිට අවසර හිමිවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කර සිටිනවා. දැන් පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ජාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.


හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රට රැගෙන යාම සඳහා 2021 අප්‍රේල් මස 26 වෙනිදා පලකරනු ලැබූ රසායනික පොහොර, පළිබෝධනාශක, කෘමිනාශක, වල්නාශක ආනයනය තහනම් කිරීමේ ගැසට් නිවේදනය අද සිට අවලංගු කෙරෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


ඒ අනුව පෞද්ගලික අංශයට අද සිට රසායනික පොහොර, කෘමිනාශක සහ පළිබෝධනාශක ආනයනයට සහ විකිනීමට අද සිට අවසර හිමිවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.


හරිත කෘෂිකර්මාන්තයක් වෙනුවෙන් රට රැගෙන යාම සඳහා 2021 අප්‍රේල් මස 21 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම ගැසට් නිවේදනය පලකරනු ලැබුවා.


රජයේ පොහොර සහනාධාර ලබාදීම, සහතික වී මිල ඇතුළු රජයේ සහනාධාර ලබාදීම හරිත කෘෂිකර්මාන්තය වෙනුවෙන් ලබාදීම සිදුකරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ.

No comments

Ads Place