Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැතිගේ පෞද්ගලික ධනයෙන් දුප්පතුන්ට සහන..

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 19 දින පස්වරුවේ පානීය නල ජල පහසුකම් ලබාදුන්නේය. නල...

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා 19 දින පස්වරුවේ පානීය නල ජල පහසුකම් ලබාදුන්නේය.

නල ජල පහසුකම් ලබාදීම සංකේතවත් කරමින් පවුල් 5ක් සඳහා එම අයිතිය ප්‍රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටිය රජ මහ විහාරස්ථානයේ දී පැවැත්විණි.

සිය ජන්ම දිනයට සමඟාමීව අඩු ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති,මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල් වැටුණු වැවේ ඥානතිලක නා හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ආචාර්ය අග්‍රහැර කස්සප හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ මෙහි දී කෙටි අනුශාසනාවක් පැවැත්වූහ.

අපි හරි හරිම ආසාවෙන් ආදරෙන් සුභ පතන්නෙ අපේ  ගරු අගමැතිතුමාට,එතුමා ගැන සාමාන්‍යයෙන් ඔබ්බට ගිය කරුණක් කියන්න මම කැමැතියි.

සිංහල දුටුගැමුණු දෙමළ එළාරට එරෙහිව සටන් කළා කියලා.එළාර රජු හා දුටුගැමුණු රජ්ජුරුවෝ අතර ඇතිවුණ යුද්ධය නිර්වචනය කරන්න බැහැ. ඒකට හේතුව එළාර දෙමළ නෙමෙයි නිසා. දුටුගැමුණු රජු සටන් කළේ දෙමළ හමුදාවකට එරෙහිව නෙමෙයි ආක්‍රමණික සොලී හමුදාවකට එරෙහිව. ඒ නිසා චෝල අධිරාජ්‍යයේ ආක්‍රමණිකයාට එරෙහිව තමයි දුටුගැමුණු රජතුමා ක්‍රියාත්මක වුණේ.

ඒ නිසා යුද්ධය යැයි කියනු ලබන්නාවූ ත්‍රස්තවාදයට තේරෙන භාෂාවෙන් ප්‍රතිචාර දැක්වීමක් සිද්ධ වුණේ. යුද්ධයක් නම් රටවල් දෙකක් අතර ඇතිවන එකක්. ඒ නිසා ලංකාවේ යුද්ධයක් තිබුණෙ නැහැ. යුරෝපීය ඒජන්තයන්ගෙ සහ දේශීය නියෝජිතයන්ගෙ කලබැගෑනිය අන්තිම තත්පරයෙදි නවත්වන්න

හෙලිකොප්ටරයෙන් ගිහිල්ලා ඇඹිලිපිටියෙදිත් උත්සහ කළා. අන්න ඒ වෙලාවේ ආක්‍රමණිකයාට එරෙහිව කටයුතු කරපු අපේ කාලේ රජ්ජුරුවෝ තමයි මහින්ද රාජපක්ෂ කියල කියන්නෙ.

අපිට වටින්නෙ ඒක. අල ලූණු දේශපාලනය නෙමෙයි. අල ලූණු අඩු වේව් වැඩි වේව් එහා මෙහා යාවි. හැබැයි මේ රට නිදහස් කරගන්නවා කියන කාරණාව කෙනෙක් නිර්වචනය කළා දෙමළ ජනතාවට එරෙහි ද්‍රවිඩ සංහාරය කියලා. එහෙම නෙමෙයි ඒක ආක්‍රමණිකයාට එරෙහිව ක්‍රියා කිරීමයි. දෙමළ ජනතාවට එරෙහිව යුද්ධ කළා නම් ඉස්සෙල්ලාම ගහන්න ඕන වැල්ලවත්තට. ඉස්සරවෙලා ගහන්න ඕනි කෝවිල්වලට එහෙම උනේ නැහැ.

ඒක නිසා යුද්ධය කියලා හඳුන්වපු මේ මහා කලබගෑනියේ අද ප්‍රතිලාභ ලබන්නේ සිංහලයන් ද නෑ. සාමාන්‍ය ජනතාව ද ? ඒත් නෑ. ව්‍යාපාරිකයො සියලු දෙනා. ඒ නිසා එදා මේ රටේ ජනතාව ඉල්ලුවේ අල අඩුකරන්න හරි, ගෑස් බහුල කරන්න හරි කියලා නෙමෙයි. රට බේරාලා දෙන්න කියන කාරණාව විතරයි එදා ඉල්ලුවේ. ඒ නිසා තමයි රටේ ජනතාව අදටත් ඔබතුමාට ආදරය කරන්නෙ.

ඒ නිසා මේ රටේ ඉන්න ලක්ෂ ගණනක් මිනිස්සු ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාගේ උපන්දිනයට එක දවසක දි දිනලා රටක් හම්බවුණා. අනිත් සැරේ ලංකා ඉතිහාසයේ රජ පරපුරෙන් පසු මෑත ඉතිහාසයේ කරන ලද සුවිසල් දා ගැබ සඳහිරු සෑය පූජා කිරීමේ අවස්ථාව හම්බවුණා. එහෙම වරමක් මේ රටේ රජ කෙනෙකුටවත් හම්බවෙලා නෑ. මේ වගේ උපන් දින තෑගි තව කෙනෙකුට හම්බවෙලා නෑ යැයි ද මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අනුශාසනාව අතරතුර පැවසූහ.

කථානායක මහින්ද යාපා අබේවර්ධන, අමාත්‍ය වාසුදේව නානායක්කාර, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, මහාභාරකාර තැන්පත් නීතිඥ ගනේශ් ධර්මවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම ,පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

No comments

Ads Place